Sunday 18 April 2021

චීන එන්නතේ පිරිවිතර පරීක්ෂා කළ ලාංකික විද්වතා දොට්ට !

 

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය දැරූ වෛද්‍ය පාලිත අබේකෝන් තනතුරුන් ඉවත් කළ බව මාධය වාර්තා කොට ඇත. ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂක ලෙස පුහුණු වන වෛද්‍යවරයකු පත් කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කොට ඇත

පසුගිය සතියේ චීනය නිපදවූ කොරෝනා එන්නතට (සයිනෝෆාර්ම්) අනුමැතිය ලබා ගැනීමට ගෝඨාණ්ඩුව විශාල පරිශ්‍රමයක් දැරුවේය , නමුත් චීන එන්නත ඉතා කෙටි කාලයක් තුල ලෝක අපවාදයට ලක් විය. මේ හේතුව නිසා වෛද්‍ය පාලිත අබේකෝන් චීන එන්නතේ පිරිවිතර ප්‍රශ්න කළේය.

චීන එන්නතේ සුජාතභාවය තහවුරු වන තුරු ඊට අනුමැතිය ලබා දිය නොහැකි බවත් අදාල පරීක්ෂණ සදහා මාස දෙක තුනක් ගත වන බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා වූ වෛද්‍ය අබේකෝන් ප්‍රකාශ කළේය.

ඒ සමගම ගෝඨාවාදී ජඩ මාධ්‍ය වෛද්‍ය අබේකෝන්ට එරෙහිව මඩ මෙහෙයුමක් දියත් කළේය.වෛද්‍ය අබේකෝන් ඉන්දීය ඔත්තු කරුවෙකු බවත් මොහු ඉන්දියාවෙන් අල්ලස් ලබා ගෙන ඇති බවත්, එමනිසා නිසා චීන එන්නතට අනුමැතිය ලබා නොදෙන බව ප්‍රචාරය කළේය.

තවද වෛද්‍ය අබේකෝන් හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සමග එක්ව ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක නියලෙන බවද කීවේය. වෛද්‍ය අබේකෝන් චීනය සහ ලංකාව අතර ගැ‍ටුමක් ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවද කීවේය.

චීන එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමන නිලධාරීන් සිදු කරන ගැඹුරු පරීක්ෂණ පිළිබඳව කොළඹ චීන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදය පළ කර ඇතැයි ගෝඨාවාදී මාධ්‍ය කිවේය.චීන තානාපතිට හදිස්සි වූ පලියට ලංකාවේ බලධාරීන් ඔහුට අවනත විය යුතුද?

වියත් මග විකුනා බලයට පැමිණි නන්දසීනි වියතුන්ට සලකන විදිය පිලිකුල්ය

No comments:

Post a Comment