Friday 23 April 2021

ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික ආරක්ෂාවට හානි නොකරන්න, ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න -අත්අඩංගුවට ගැනිමට පෙර රිෂාඩ් කියයි


 රිෂාඩ් බදුර්දීන් අද හිමිදිරී උදයේ 2ට පමන  CID අත්අඩංගූවට පත් වීය . බෞද්ධාලෝක මාවතේ රීෂාඩ්ගේ නිවස අසල  පාන්දර 1 සිට ආරක්ෂක අංශ ‍රැදී සිටි බවත් ඉන් පැයකට පමන පසු  අත්අඩංගුවට ගත් බව සමාජ මාධ්‍ය හරහා ඔහු කියා සිටියේය .තමා කිසිම චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත් බවද ඔහු කියා සිටියේය . 

අත් අඩංගුවට ගැනීමට පෙර දිනයේ පාස්කු විමර්ශන කමී‍ටු වාර්තාව  පිලිබද වීවාදයට එක් වෙමින් රිෂාඩ් ආන්දෝලනයට ලක්වන කථාවක් කළේය. විනාඩී 30 පුරා ඔහු කළ එම කථාව මෙරට සෑම දේශප්‍රේමියෙක්ම අනිවාර්යෙන්ම ඇසිය යුතු එකකි. 

ඔහු එම කථාවවෙන් වත්මන් රජයට ප්‍රභල චෝදනා ගණනාවක් එල්ල කළේය 

1. ගෝඨාණ්ඩුව  ඉතා කූට ලෙස  සිංහල ජනයා රවට්ටමින් සිටින බව කීවේය 

2. ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගෝඨාණ්ඩුව  ජාතික ආරක්ෂාවට  විනාශ කරන බව

3. අන්තවාදී අදහස් දරන අය පුනරුත්ථාපනය කරන මුවාවෙන් ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත් කරමින් සිටින බව 

4.සහරාන් අත්අඩංගුවට ගතයුතු බව ප්‍රකාශ කළ අසාත් සාලි අභූත ලෙස අත් අඩංගුවට ගත් බව 

5. අයි.එස් අන්තවාදීනට එරෙහිව කවියක් ලියූ අෆ්නාෆ් අභූත ලෙස අත් අඩංගුවට ගත් බව

6. හෙට්ටීපොල මුස්ලිම් කඩවලට පහරදුන් සිංහල මැරයන් නිදහස් කිරීමට දයාසිරි ජයසේකර මූලිකවූ බව කොමිසන් වාර්තාවේ ඇති බව සදහන් කළේය.යන ආදී චෝදනා ඇතුළු තවත්   චෝදනා රාශියක් එල්ල කළේය


රජය ඉතා කුමන්ත්‍රණකාරී වැඩ පීලිවෙලක නිරත බව රිෂාඩ් කීවේය.  රජයේ පාර්ෂවයක් වන  විමල් වීරවංස යොදවා පහර දීම කූමන්ත්‍රණයක් බව ඔහු කීවේය  . විමල් හරහා තමන්ට අභූත චෝදනා එල්ල කළ බව කිවේය.එම චෝදනා අසත්‍ය බවත් හැකිනම් ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළේය.එම චෝදනා පහත පරිදීය

1. සහරාන්ට ඉන්දියාවට යාමට උදව් කල බව 

2. සහරාන්ට සතොස වාහන ලබා දුන් බව 

3. බෝම්බ ඊබ්‍රහීම්ට තඹ ලබා දීමට තමා මැදීහත් වූ බව

4. මුස්ලිම්  සැකකරුවෙකු නිදහස් කිරීමට මහේෂ් සේනානායකට බලපෑම් කල බව

 

රිෂාඩ් අත් අඩංගුවට ගැනීමට පෙර  ''ජාතික ආරක්ෂාවේ නාමයෙන් ජාතික ආරක්ෂාව හානි නොකරන්න, ජනයා ‍රැවටීමට උත්සාහ නොකරන්න'', ලෙසින්  කළ කථාව බැරෑරුම් එකකි. එනම් දැන් රීෂාඩ්  එහාට මෙහාට විසිවන පා පාපන්දුවක් බවට පත්ව ඇත.රිෂාඩ් ගෝඨාණ්ඩුවේ වැඩ වලට අකමැති වුවද  ඔහුගේ පැවැත්මට රාජප්ක්ෂ සරණ යා යුතුය. මෙම අත්අඩංගුවට ගැනීම  මනා ලෙස සැලසුම්  කල  නාටකයක් විමට බොහෝ ඉඩ  ඇත .මේ අප  දකින්නේ එම රූපාන්තරය විය හැක 



 


No comments:

Post a Comment