Sunday 18 April 2021

ලංකාවේ ක්‍රිකට් විනාශ කළ සදා ලෝක පූජිතගේ නීලකාස පැටිකිරිය මෙන්න !

 

2021 ජනවාරි 21 දින චමුදිත සමග සංවාදයකට එක් වෙමින් අර්ජුන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට වගකිව යුත්තේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන බව අර්ජුන කෙලින්ම කීවේය.

ක්‍රිකට් ජාවාරම්කරණය ලංකාවට හදුන්වා දුන්නේ සංගා සහ මහේල බව සාක්ෂි සහිතව අර්ජුන පෙන්වා දුන්නේය . අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය කරන්නේ සංගා සහ මහේලගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බව අර්ජුන රණතුංග සඳහන් කළේය.

මහේල සහ සංඝා මෙරටට ගෙන ආ නීලකාස ක්‍රිකට් කළමනාකරුගේ නම චාලි ඔස්ටින්ය. මොහු ලංකාවට පැමිණිදා සිට ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ සියළු තීන්දු තීරණ ගත්තේ ජාවාරම්කාර off stadium චාලි ඔස්ටින්ය. චාලි ඔස්ටින් යනු මහේල සහ සංඝාගේ ප්‍රොක්සියකි

චාලි ඔස්ටින් 2005 වසරේ ලංකාවට පැමිණියේ නිකම්ම නිකං වෙබ් කාරයෙක් ලෙසිනි.මහේල සහ සංඝාගේ අනුග්‍රහයෙන් ලංකාවේ ධනය කොල්ලකෑ ඔහු අද බිලියනපතියෙකි. චාලි ඔස්ටින්ට අසීමිත පරාක්‍රමයක් ආරූඩ වූයේ මහේල සහ සංඝා නැමති ක්‍රිකට් දෙවි වරුන්ගෙනි.

මහේල -සංඝා ක්‍රිකට් දේවලයේ කපුවා චාලි ඔස්ටින් විය. මහේල සහ සංගා නායකත්වයෙන් ඉවත්වන විට චාලි ඔස්ටින්ගේ සමාගම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන් වහල් භාවයට පත් කොට තිබුණි.

ක්‍රිකට් ජාවාරම් කරණයෙන් ඉපයූ මුදල් වලින් චාලි ඔස්ටින් , මහේල සහ සංඝා අත්පත් කරගත් ව්‍යාපාර සිය ගණනකි. ඒ අතර ප්‍රධාන ඒවා කිහිපයක් පහත පරිදිය

  1. ඔස්ටින් මැනේජ්මන්ට් – ක්‍රිකට් ක්‍රීඩකයන් චාලිගේ , සංඝාගේ සහ මහේලගේ වහලුන් බවට පත් කරන්නේ මෙම ආයතනය විසිනි
  2. රෙඩ් ඩොට් ‍ටුවර්ස් – ක්‍රීඩකයන්ට සහ සංචාරකයන්ට ගමන් පහසුකම් . හෝටල් පහසුකම් සහ නාරි මාංශ සපයන සමාගමක් වෙයි
  3. ලයිව් ඉවෙන්ට්ස් – මෙය ඉවෙන්ට් මැනේජ්මන්ට් සමාගමකි. ආගමික නායකයන්ගේ දැඩි විරෝධයට ලක්වූ බටහිර ගායකයෙකු වූ එන්රිකේ ගෙන්වූයේ මෙම සමාගමය
  4. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්ස් – මෙය කකුළුවන් අමුවෙන් තම්බන හෝටලයකි. සමාගම් පනත අනුව ” මිනිස්ට්‍රි ” යන වචනය පෞද්ගලික ආයතනයක නමක් ලෙස ලියා පදිංචි කළ නොහැක. සංගා සහ මහේල මෙම සමාගම ලියාපදිංචි කල ආකාරය අදටද ප්‍රේහේළිකවකි
  5. ටියර් ඩ්‍රොප් හොටෙල්ස් – සංගා චාලි සහ මහේල සතු හෝටල් ජාලය මෙහෙය වන්නේ මෙම සමාගමය. සීගිරිය පෙනෙන මානයේ හෝටලයක් ඉඳිකිරිමට මොවුන්ගේ සැලසුමක් තිබුණි. පසුගියදා සීගිරිය ගල පාමුල ඉඩමක් වංචා සහගත ආකාරයෙන් පවරා ගත්තේ යයි සංඝාගේ බිරිද යෙහාලිට චෝදනා එල්ල විය . සංඝාගේ ඉඩම් මගඩිය ගැන සිළුමිණ පුවත් පත කළ හෙළිදරව්ව

http://www.silumina.lk/2021/03/06/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%C2%AD%E0%B6%9A%C2%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%9C%E0%B7%8F%E0%B6%AB%E0%B6%9A-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A-%E0%B6%89%E0%B6%A9%C2%AD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92

No comments:

Post a Comment