Sunday 18 April 2021

දම්මික බන්ඩාර වැනි හරක් ඇතිකරන්නේ විවෘත්ත බිමක් හරහා අණතුරු දායක ගමනක් යන නන්දසේන කවර් කිරීමට – දිලිත්ගේ උපාය මෙන්න

 


මේ වන විට නන්දසේන ගෝඨාභය සහ ඔහුගේ රජය ජනයාට තිත්ත වී ඇත. අද ගමේ ගොඩේ කඩපිලේ නන්දසේන ගෝඨාභයට අම්ම මෝ නැතිව ගුණ වයන පිරිස් එමටය. ”අපේ වැඩ කරන විරුවා” කියා කිවහොත් ”අනේ උගේ …. ” කියා අසා ගත හැක .වෙන එකක් තියා ගෝඨාභයගේ නිළ මුහුණු පොතටට පැමින ගෝඨාභයට අසභ්‍ය වචන වලින් කතා කරන පිරිස් එමටය .

ලෝකයේ අන්සියලුම රටවල් විදේශගත ශ්‍රමිකයන් සිය රටට ගෙන්වා ගත්තද ලංකාවේ පාලකයා පමනක් ගුවන්තො‍ටුපොල වසා දැමුවේය . ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 50000 පමන කාන්තාරයේ අනාථ විය . ඉන් පසු හෙන ගහන මුදල් අයකරමින් ඇති හැකි උන්ට ගුවන් තො‍ටුපොල ඇරියේය . නිරෝධානයන කරන මුවාවෙන් අසරණයන් ගසා කෑවේය.

ශ්‍රමිකයන් අනාථ වී සිටියදී බෝරා ප්‍රජාවට , සී ශෙල් වැසියන්ට, විදේශ සංචාරකයන්ට ගුවන් තො‍ටුපොල විවෘත්ත කළේය. මල් මාලා දමා ඔවුන් පිලිගත්තේය

කොරෝනා නැමති සර්පයා වලිගයෙන් අල්ලාගෙන පිස්සු කෙලින එකම පාලකයා ගෝඨාභය පමිණි. අශ්වයින් ගස් නංවා රිලව් දුවන්න දැමුවා සේ කොරෝනා මැඩීමේ වැඩ පිලිවෙල හමුදාවට බාර දුන්නේය.

නන්දසේනගේ රජය වෙන්ටිලේටස්,සෞඛ්‍ය පහසුකම් වැඩි කළේ නැත . පී.සී.ආර් පරීක්ෂණ යත්‍ර වැඩි කළේ නැත.කොරෝනා වෛරසය ගැන ජනයා දැනුවත් කළේ නැත.රජය කොරෝනා භීතියක් මැව්වේය . මූට්ටි විසිකරමින් , පැණි ප්‍රමෝට් කරමින් මිත්‍යාව වැපුරුවේය

මුල් කාලයේ නිරෝධායන අවසන් කරන පුද්ගලයන්ට offset printed උපාධි සහතිකයටත් වඩා අලංකාර සහතිකයක් දුන්නේය . එවැනි විගඩං මාධ්‍ය සංදර්ශන බවට පත් කළේය . මේ වන විට එවා ස්වාභාවික මරණ බවට පත්ව ඇත.

අසාධිතයන් /ආශ්‍රතයන් කඳවුරු ගතකිරීම මේ වන විට ලෝකයේ සියළුම රටවල් අත් හැර දමා ඇත.නමුත් ලංකාව තවමත් එය සිදු කරයි.

විෂවීජ හරනය කරනවා කියා කොරෝනා ආසාදිතයන්ගේ නිවෙස් වලට රසායන ද්‍රව්‍යය ඉසීමක් සිදු කරයි. එම රසායනික ද්‍රව්‍ය නිසා නිවසේ ගෘහ භාන්ඩ වලට විශාල හානියක් සිදු වෙයි.ඇතැම් නිවෙස් වලට ලක්ෂ ගණනක අලාබ හානි සිදුව ඇත. මෙය කොරෝනා ගහෙන් වැ‍ටුන මිනිහාට නන්දසේන ගොනා ඇනීමක් බදුය. කොරෝනා ආසාදිතයන්ගේ ගෙවල් වලට මේ ආකාරයෙන් රසායනික ද්‍රව්‍ය ඉසින ලෝකයේ එකම රට ලංකාවය.

මේ වන විට මේසෙන් බාස් පැණිය ප්‍රසිද්ධියේ බුන් ඇමති පියල් නිෂාන්තට සහ පවිත්‍රාට කොරනා වැලදී ඇත . නමුත් රජයේ මාධ්‍ය උපදේශකයා දිලිත් ජයවීර මේසෙන් බාස් පැණිය දිගටම ප්‍රමෝට් කරන ලෙස රජයට උපදෙස් දී ඇත.

මේසෙන් බාස් පැණිය මේ ආකාරයෙන් ප්‍රමෝට් කරන්න්නේ ඇයිද කියා රජයට සම්බන්ධ තවත් මාධ්‍ය ප්‍රධානියෙකුගෙන් අප විමසුවෙමු. එහිදී ඔහු කීවේ මෙවැන්නකි.

මේවන විට නන්දසේන ගෝඨා ජනයාට තිත්ත වී ඇත. ගෝඨා විවෘත්ත භූමියක් හරහා ගමන් කරන සොල්දාදුවෙකු බවට පත්ව ඈත . ගෝඨා සතුරන්ගේ තනි සහ පහසු ඉලක්කයක් බවට පත්ව ඇත .

ධම්මීක බන්ඩාර වැනි තක්කඩි ගත් කළ ඔවුන් ගෝඨාභයට වඩා මිනිසුන්ගේ කෝපයට ලක්ව ඇත. ධම්මික බණ්ඩාර වැනි මී හරක් ‍රැලක් නිදහස් කළ විට ගෝඨා එක එල්ලේ ඉලක්ක කළ නොහැක .එනම් විවෘත්ත භූමියක් හරහා අනතුරු දායක ගමනක් යන ගෝඨා , ධම්මික බන්ඩාර වැනි මීහරක් ‍රැල හරහා කවර් කළ හැකිය

දිලිත් ජයවීර , රෙනෝ සිල්වා සහ රජයේ මාධ්‍ය ධම්මික බණ්ඩාර වැනි තක්කඩි ප්‍රමෝට් කරන්නේ ගෝඨා ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් වශයෙනි


No comments:

Post a Comment