Sunday 18 April 2021

සජිත් පත් කළ විනය මණ්ඩලයට ඩයනා පුප පෙන්වයි, ඩයනාට බැසිල්ගෙන් අපමන අගයක්



සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලීමේන්තුවට පත්වූ ඩයනා ගමගේ බැසිල්ට හේත්තු වී මාස 6 කට පමන ආසන්නය. ඇය පිල් මාරු කළේ 20 වන සංශෝධනයට මදි පාඩු වූ ඡන්ද ප්‍රමාණය රාජපක්ෂලාට ලබා දීමටය.ඩයනා කො‍ටු පැනපු අළුත තමන් කාන්තා කටයුතු ඇමති ධූරයට ආසා බවද කීවේය

ඩයනා නොකර සද්ද සිටින්නේ පැනපු කො‍ටුව මුදල් වලට මිස ප්‍රතිපත්තීමය එකක් නොවන නිසාය. ඇයට අදාල ගෙවීම ලැබී ඇත. කොතරම් මුදල් ලැබුනද ඩයනාගේ ණය හිමියන්ට නම් කිසිදු සහනයක් නැත . තැබූ පොලු එලෙසමය. සහනයක් ලැබුනේ බැසිල්ට පමනි

ජලනීගේ දේශපාලන ආගමනයත් සමග බැසිල්ගෙන් ඩයනාට අපමන අගයක් ලැබී ඇත. එය හිඟුරක්ගොඩ සිදුවීමෙන් මොනවට පැහැදිලි විය. බැසිල් මැතිවරණ කාලයෙදී මයික්‍රෝ ‍ෆිනෑන්ස් අර්බුධය වවන් කෑවේය. මෙම ක්‍රමය ”ඇඳ ණය ” ලෙස හඳුන්වන බවත් එය සිරිලිය ඇඳට දක්කන කෙමනක් බව බැසිල් කීවේය. බැසිල් කථා කළේ කාන්තාවන්ගේ එකම ගැලවුම් කරු ලෙසිනි. නමුත් මැතිවරණය දිනූ පසු අසරණයන් දෙස ඇහැක් ඇර බැලුවේ නැත.

පිළිසරණක් නොවූ කාන්තාවන් ගිඟුරක්ගොඩ නගරයේ උද්ගෝෂණයක් කළේය. මේ අතර ජලනි ප්‍රේමදාස මයික්‍රෝ ‍ෆිනෑන්ස් වලින් අසරණ වූ කාන්තාවන් බැලීමට ගියාය. පරළ වූ බැසිල් ජලනීට එරෙහිව ඩයනා හිඟුරක්ගොඩ යැවීය. කොටින්ම කිවහොත් බැසිල්, ජලනි ”Oversee” කිරීමට ඩයනා පත් කොට ඇත.

2021 මාර්තු මස 10 දින සජබ නීති අංශය පිල් මාරු කළ ඩයනාගෙන් නිදහසට කරුනු විමසා ලිපියක් යැවූයේය. ඩයනා විනය කඩ කොට ඇති බවත් එය විභාග කිරීමට ත්‍රී පුද්ගල කමි‍ටුවක් පත් කොට ඇතැයිද , 2021 මාර්තු 27 දින තනිවම හෝ නීතිඥයෙකු මාර්ගයෙන් කමි‍ටුව හමුවේ පෙනී සිටිය යුතු බව ලිපියේ විය.

මාර්තු 27 දින පක්ෂය පැනවූ විනය මණ්ඩලය හමුවේ ඩයනා පෙනී සිටිනු ඇතැයි සජිත් උදක්ම බලාපොරොත්තු විය. නමුත් මාර්තු 27 ඩයනා විනය මණ්ඩලයට නොපැමිණි අතර මාර්තු 25 දාතමයෙන් යුතු ලිපියක් ලැබුණි. එම ලිපිය කෙලින්ම සජිත්ට ආමන්ත්‍රණය කර තිබීම සුවිශේෂ සිදුවීමක් විය.

ඩයනා එවූ ලිපිය සජිත්ට උන් හිටි තැන් අහිමි කරන එකක් විය. මින් ඉදිරියට තමන්ට මෙවැනි විහිළු සහගත ලිපි නො එවන ලෙසත් , එවැනි ලිපි එවුව හොත් සජිත්ට පක්ෂයත් විපක්ෂ නායක ධූරයත් යන දෙකම අහිව්මි විය හැකි බව ඩයනගේ ලිපියේ සඳහන් විය.

ඩයනා සජිත්ට ලියූ ලිපිය ..

No comments:

Post a Comment