Sunday 18 April 2021

සායම් බාල්දියට වැ‍ටුන නරියා යලි ‘හූ’ කියයි, හරින් පොලිස්පතිට පැමිණිලි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අම්පාර ප්‍රදේශයේ දී සිදුකරනු ලැබූ තර්ජනාතමක ප්‍රකාශය සම්බන්ධයෙන් හරීන් ප්‍රන්නදු ව්සින් පොලිස්පතිවරයාට ලිඛිතව පැමිණිලිකොට ඇත.

පොලිස් පතිවරයාට යොමුකල ලිපියේ කොපියක් මේවන විට ජනමාධ්‍ය වෙතද මුදා ගැර ඇත. පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හරීන්ට ගෝඨා විවේච්නය කිරීමට සම්පූර්ණ අයිතිය ඇත.

විදේශ ශ්‍රමිකයන් 70, 000 ක් පමන මැදපෙරදිග සිරවී සිටියදී, මෝටර් සයිකල් කාර්මිකයන් මහපාරට වැටී සිටියදී. ගොවීන් පොහොර නැතිව සිටින විට, ලක්ෂ ගනනකට ‍රැකියා නැතිව සිටින විට. ” නන්දසේන’ නොව නන්දසේනගේ මෑනියන් වුවද (මෑනියන් කීවේ ඥානක්කාට බව කාරුනිකව මතක් කරමි ) මතක් කිරීමට ජනතා නියොජිතයන්ට අයිතියක් ඇත. එපමනක් නොව ජනයා අන්ත දුක් විඳින විට ගෝඨාගේ ගජමිතුරන් ජනයා කබලෙන් ලිපට ඇද දමමින් හොරා කෑමද සිදු කරයි.

ගෝඨා අම්පාර ප්‍රදේශයේ කී කථාව ජනාධිපතිවරයෙකුට කිසිසේතම නොගැලපෙන එකකි. AI කෘතීම බුද්ධිය , නැනෝ තාන්ක්ෂණය, අයී.ටී නගර ගැන දොඩවමින් බලයට ආ නන්දසේන දැන් වියත් මග අමතක කරදමා බජාර් එකේ චන්ඩියා භූමිකාවට ප්‍රවිශ්ඨ වී සිටියි. නන්දසේන රඟදක්වන බජාර් එකේ චන්ඩියා භූමිකාව ෆෙඩී සිල්වා දු‍ටුගැමුණු චරිතය කරනවාට දෙවෙනි නැත.එමනිසා හරීන් කළ පැමිණිල්ල පොලිස්පති එතරම් සීරියස් නොගන්නවාට සැක නැත

No comments:

Post a Comment