Sunday, 18 April 2021

හාමුලා සමග කළ යුතු සටන වලව්වේ බත් තම්බන උන් ”ෆෝකස්” කිරීම

 


නිදහසින් පසු 70 වසරක් ලංකාව පාලනය කළා වූ සේනානායක, වික්‍රමසිංහ , බන්ඩාරනායක සහ රාජපක්ෂ යන වලව් 4 වල පල්ලට ‍රැගෙන ඇත. අද ගෝත්‍රික අප්‍රිකානු රටවල් පවා අසාර්ථක රටකට උදාහරණ ලෙස ගන්නේ ලංකාවය. සේනා දලඹුවා මර්ධනය සදහා ලංකාව රුවන්ඩාවේ සරණ යන අයුරු ඊයේ ප්‍රවෘත්ති විකාශය හරහා රටක දැක ගත්තේය.

රුවන්ඩාව යනු මීට දශකයකට පමන පෙර උණුන් මරාගත් ගෝත්‍රික රටකි. අද ඔවුන් ලංකාවට වඩා දියුනු වී ඇත . ලෝකයේ දෙවන විශාලතම වොක්ස්වැගන් කර්මාන්තශාලව ඇත්තේ රුවන්ඩාවේය. රුවන්ඩාව මේ තැනට ගෙන ආවේ පෝල් කගමේ නම් පොඩි මිනිසුන් අතරින් බිහිවූ ජනපතිවරයෙකි.

අද ලංකාවට අවශ්‍ය ඇත්තේ එවැනි විප්ලවයකි. නිදහසින් පසු හැත්තෑ වසරක් පුරා රට උලා කෑ ඒ රදල පවුල් 4 එලවා දැමිය යුතු විප්ලවය ආරම්භ කළ යුතුව ඇත. අද දිනයේ මුඛ්‍ය අරමුන විය යුත්තේ එම රදල පවුල් 4 පන්නා දැමීම මිස වලව් වල ආවතේව කරන වහළුන් සමග ගණු දෙනු කිරීම නොවේ.

හාමුලා සමග කළ යුතු සටන වලව්වේ බත් තම්බන උන්ට,පොල් කඩන උන්ට ”ෆෝකස්” කිරීම අමන වැඩකි.සජිත් 2021 ට වැඩ ඇල්ලුවේ වැරදි ට්‍රක් එකක සිටය

No comments:

Post a Comment