Sunday 18 April 2021

කමල් ගුනේ අයියේ, හාන්දුරුවො විතරක් නෙවෙ ඔයාගෙ බඩියත් අමු අමුවේ කැලෑ කපනවා !

 


මේ දිනවල වනාන්තර විනාශය විශාල වශයෙන් සිදුවන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනේ අයියා පැවසුවේය. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ බව කමල් ගුනේ අයියා පැවසුවේය. තිරිකුණාමල ප්‍රදේශයේ තමන් සමග සමීපව කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමක් ද වනාන්තර විනාශ කිරීමට සම්බන්ධ බව කමල් ගුනේ අයියා කීවේය.

කමල් ගුනේ අයියාගේ යාලුවා නිස්සංක සේනාධිපති නැගෙණහිර පලාතේ හදවත විනාශ කරන අයුරු නොදන්නවා ඇතැයි අප සිතමු . ඒ නිසා එම සන්තෑසිය කමල් ගුනේ අයියාගේ අවධානය සදහා පල කරමු

රඹකැන්ඔය නැගෙණහිර පලාතේ විශාලත්වයෙන් දෙවෙනි ජලශය වෙයි. නැගෙණහිර පලාතේ ගොවි බිම් වලට සහ බීමට ජලය සපයන ප්‍රධානතම ජල මූලාශ්‍රය රඹකැන් ඔය ජලාශය වෙයි. රඹකැන් ඔය ජලාශය පිහිටා ඇත්තේ ආදිවාසීන්ගේ නිජබිම වන බින්තැන්න පත්තුවේය.

රඹකැන්ඔය අසමසම අතීත වාපී ශිෂ්ඨාචාරයකි. රඹකැන්ඔය ජලාශය ඉඳිකරන විට පස් වලට යටව තිබූ ගල් වලින්ම නිර්මානය කළ ඇල මාර්ගයක් පවා හමු විය.

රඹකැන් ඔය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය සංවේදී පාරිසරික භූමියකි. නමුත් අවාසනාවට නන්දසේන ගෝඨාභයගේගේ නියෝගයෙන් රඹකැන්ඔය පාරිසරික පද්දතියෙන් අක්කර පන්දහසක් බඩ ඉරිගු වගාව සදහා ලබා දී ඇත.

2020 දෙසැ මස 20 දින දිවයින පුවත්පත මෙම රඹකැන්ඔය විනාශය ගැන මුල්ම ලිපිය පළ කළේය. 2021 පෙබරවාරි මස 6 දින සිළුමිණ පුවත්පතද රඹකැන් ඔය අපරාධය ගැන හද කකියවන ලිපියක් පල කළේය. මෙම පුවත්පත් දෙකම ගෝඨාණ්ඩුවට පක්ෂ ආයතන දෙකකි

සිළුමිණ පුවත්පත සදහන් කරන ආකාරයට රඹකැන් ඔය අක්කරයක් බදු දී ඇත්තේ රු 1000 වැනි සොච්චම් මුදලකටය. බදු පදනම යටතේ භූමිය අත්පත්කරගෙන ඇත්තේ නන්දසේන පලිහක් ලෙස යොදාගෙන කූට ජාවාරම් කරන නිස්සංක සේනාධිපතිය.

කවුද මේ සේනාධිපති ? ඇවන්ට්ගාඩ් මැරිටයිම් ව්‍යාපෘතිය සේනාධිපතිගේ සංකල්පයක් නොව කීර්තිමත් නාවික නිලධාරියෙකුගෙන් කොල්ලකන ලද නිබන්ධනයකි. මොහු ව්‍යාපාර වලින් මුදල් උපයන්නේ දක්ෂතාවය නිසා නොව නන්දසේනගේ රාජ්‍ය බලය අවභාවිතා කරමිනි. උපමාවකින් ගත් කළ සේනාධිපති යනු, බල්ටි බැරි විසිල් විෂයේ කෙල පැමිණි පේමන්ට් රිලවෙකි.

හිස් බෙලෙක්ක වල සද්දය වැඩියි කියා කථාවක් ඇත. සේනාධිපතිද එවැනිය. සේනාධිපතිට ජාවාරම්කාර ලෝක හංවඩුව වැදී තිබුනද ඔහුගේ පම්පොරි ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ඒවාය. සේනාධිපති තමා දිලිත් ජයවීරට සහ ධම්මික පෙරේරාට වඩා පොහොසත්යයි පම්පොරි කියවයි. ඊට සාක්ෂි ලෙස ඔහු කියන්නේ දිලිත් සහ ධම්මික රට වටේ බැංකු වලට ණය බවත් තමා රුපියලක් ණය නැති බවය. සේනාධිපතිගේ ව්‍යාපාරික ඥානය මින් සිතා ගත ගැක.

ව්‍යාපාර ගැන අන්දො සංසාරයක් නොදන්නා සේනාධිපති මුදල් උපයන්නේ නන්දසේනගේ රාජ්‍ය බලය ගණිකා වෘත්තියේ යොදවමිනි.රාජ්‍ය යාත්‍රණයට සම්බන්ධ වී ඇති මෙවනි පුද්ගලයන් ගෙන් වත්මන් රජයට වන හානිය සුළු ප‍ටු නැත. මෙවනි පුද්ගලයන් නිසා රාජපක්ෂ නාමයට යලි පිළිසකර කළ නොහැකි හානියක් සිදු වෙයි. සේනාධිපති වැනි ‘පේමන්ට් රිලවුන්ගේ’ කල්ක්‍රියා නිෂ්පාදන සාධක රාජ්‍ය බලය සමග මුසු කොට ව්‍යාපාර කරන දිලිත් වැනි දක්ෂයන්ටද මාරාලයකි

  1. රඹකැන් ඔය බඩ ඉරිගු වවන ජාවාරම්කරුවන් මේවන විට කුරේටර් කැට සහ පොහොර ටොන් ගණනින් ඇණවුම් කොට ඇත. මෙම රසායන නිසා රඹකැන් ඔය ජලාශය දූෂණය වන බව ආණ්ඩුවේ සිළුමිණ පුවත්පත වාර්තා කොට ඇත .සේනා දළඹුවන්ට යොදන අධි මාත්‍ර පළිබෝධනාෂක නිසා මෙම තත්වය තිව්ර වෙයි.
  2. මහඔය පොල්ලෙබැද්ද රඹකැන් ඔය වනාන්තරය ආදී වාසීන්ගේ නිජබිම වන අතර ජාවාරම් කරුවන්ගේ බඩ ඉරිගු වගාව නිසා ආදිවාසී නිජබිම ඔවුන්ට අහිමිව ඇත
  3. මහඔය පොල්ලෙබැද්ද ප්‍රදේශය වන අලි ගහන ප්‍රදේශයකි . අලි මිනිස් ගැ‍ටුම මෙමගින් උග්‍ර වනු ඇත
  4. බඩ ඉරිගු වගාව සදහා සිරකරුවන් දස දහසක් යොදා ගන්නා බව සේනාධිපතිගේ පම්පෝරියේ කියවෙයි.මෙය සිරකරුවන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝණය කිරීමකි.
  5. දඩුවම් කාලය අවසානයේ සිරකරුවන් මහඔය පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි කරන බවද සේනාධිපතිගේ පම්පොරියේ කියවෙයි. ආදිවාසීන්ගේ නිජබිම සිරකරුවන්ට ලබාදීම කෙතරම් අවනඩුවක්ද ?
  6. නන්දසේන නොහොත් ‘පාරිසරික ගහලයාගේ’ රඹකැන් ඔය වයාපෘතිය 69 ලක්ෂයේ ජනවරමට එරෙහි වූවකි

රඹකැන් ඔය විනාශය පිළිබදව විපක්ෂ දේශපාලකයන් නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස ලෙස සිටීම ජාතියේ අවාසනාවකි. මැතිවරණ කලයේදී දේශපාලකයන්ට කෝටි ගණන් මුදල් ( අල්ලස් ) දී ඇති බව සේනාධිපතිගේ කටින්ම් පිටවී ඇත. විපක්ෂ දේශපාලකයන් රඹකැන් ඔය විනාශය ගැන මුණිවත රකින්නේ මන්ද කියා ඉන් වටහා ගත හැක

නැගෙණහිර හදවත නොහොත් රඹකැන්ඔය මහා විනාශය නැවැත්වීමට ජාවාරම්කරුවන් සූදානම් නැත. බඩ ඉරිගු සැපයීම් සදහා නෙල්නා සමාගම සමග ගිවිසුම් අත්සන් කොට ඇති බවත් කිසි ලෙසකින් රඹකැන් ඔය ව්‍යාපෘතිය අත්හැර නොදමන බවට සේනාධිපති කියයි. තවද නන්දසේන තමාට අක්කර ලක්ෂයක් ලබා දීමට එකග වූ බවට සේනාධිපති පම්පොරි ගසයි.

කමල් ගුනේ අයියේ සේනාධිපති ඔයාගේ යාළුවා නේද ? කමල් ගුනේ අයියේ දැන් අපි මොකද කරන්නේ? අහෝ! වැටත් නියරත් ගොයම් කන රටක බදු ගෙවන අපිට අබසරණද ?

කැලෑ කපන්නේ මහින්දගේ මිනිසුන් නොව නන්දසේනගේ මිනිසුන්ය. මේ ඊට සාක්ෂියකි


No comments:

Post a Comment