Sunday 18 April 2021

රැපිඩ් ඇන්ඩිජන් මගඩියට GMO ලොක්කෙක් සම්බන්දයයි! ඉහල නියෝගයකින් විශේෂ පරීක්ෂණයක්


කොරෝනා රෝගියෙකු හදුනා ගැනීම සදහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා වෙයි.
පළමු වැන්න පී.සී.ආර් ටෙස්ට් ලෙස හදුන්වන දීර්ඝ පරීක්ෂනයයි. එහිදී නාසයට අඟල් 6 ක පමන ප්ලාස්ටික් දණ්ඩක් බස්සවා තරල සාම්පලයක් ලබා ගනියි. ඒ ආකාරයෙන්ම උගුරින්ද සාම්පල් ලබාගනියි. අනතුරුවා එය සීල් තබා පරීක්ෂණාගාරයක් වෙත යවා ආසාදිතයෙක්ද යන්න නිෂ්චය කරනු ලබයි. මේ සදහා ගතවන කාලය වැඩිය.

දෙවන ක්‍රමය ‍රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ලෙස හදුන්වයි . මෙය කොරෝනා රෝගියෙකු කඩිනමින් හදුනා ගත හැකි ක්‍රම වේදයකි. එහිදී ලබා ගන්නා සාම්පලය එම අවස්ථාවේදීම පරීක්ෂා කරයි. පී.සී.ආර් පරීක්ෂණයට සාපේක්ෂව මෙහි නීරවද්‍ය තාව අඩු වුවද පරීක්ෂණය සදහා ගත වන කාලය විනාඩි කිහිපයකි.

‍රැපිඩ් ඇන්ඩිජන් ටෙස්ට් සදහා යොදා ගන්නා උපකරණ නිසි ක්‍රියා පරිපාටියකින් තොරව ගෙන්වා ඇතැයි බරපතල චෝදනාවක් මෑතකදී රජයට එල්ල විය.මෙම ජාවාරම සිදු කොට ඇත්තේ ජනපති ගෝඨාගේ කිට්‍ටු හිතවතෙකු වන දිළිත් ජයවීර බව පාර්ලීමේන්තුවේදී විවාදයට ලක් විය.හෝටල්වල නීරෝධායනය කරන මුවාවෙන් අහිසක විදේශ ශ්‍රමිකයන්ගෙන් කෝටි ගණනක් ගසා කෑවේ මොහුය.

‍රැපිඩ් ඇන්ඩිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමේදී මහා පරිමාන වංචාවක් සිදුව ඇති බව මුලින්ම හෙළිදරව් කළේ රජයේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන් විසිනි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කසාය බුන් ගොළුවන් සේ මුනිවත ‍රැක්කේය , ගලේ පැහැරූ බලලන් මෙන් අපහසුතාවයට පත් විය. මේ වන විට ඊට හේතු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇති බව අපට වාර්තා විය.

රාජපක්ෂලා යනු ඕනෑම් අයෙකුගේ ෆයිල් එක ලග තබා ගෙන ඔහුව බ්ලැක් මේල් කොට වැඩ ගැනීමට දක්ෂයන්ය . එය ඔවුන්ට අනන්‍ය වූ කළාවකි. ‍රැපිඩ් ඇන්ටිජන් මගඩිය සදහා රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ ඉහල නිලධාරියෙකු සම්බන්ධ බව විමර්ශන වලදී හෙළිදරව් වී ඇත.

මේ වන විට ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුවෙමින් ඇත.නමුත් මගඩියට සම්බන්ධ වූවා කියා ඔහු හිරේ විලංගුවේ දම්න්නේ නැත, රාජපක්ෂලා වැනි අය නොවේ . නමුත් මෙතෙක් රාජපක්ෂලා වෙනුවෙන් රෙදි ඇඳන් කඩේ ගිය GMO එක ඉදිරියේදී රෙදි නැතිව කඩේ යන අයුරු බලා ගත හැකි වනු ඇත

No comments:

Post a Comment