Sunday 18 April 2021

සිංහළ බෞද්ධයන්ට ලේ පෙරෙන්න ඇරපු හැටි නසීර් අහම්ඩ් හෙලි කරයි

 

දේශප්‍රේමී ආණ්ඩුව සිංහළ බෞද්ධයන්ට ලේ පෙරෙන්න ඇරපු හැටි නසීර් අහම්ඩ් හෙලි කරයි

ශ්‍රී ලංකාවේ කොරෝනා පලමු මරණය වාර්තා වූයේ 2020 මාර්තු 27 දිනය. 2020 මාර්තු 30 දින කොරෝනා වැළදී මිය ගිය පලමු මුස්ලිම් ජාතිකයා වාර්තා විය.

කොරෝනා මුස්ලිම් සිරුරු භූමදානයට අදාල ගැසට් පත්‍රය නිකුත්වූයේ 2021 පෙබ 26 දිනය. පලමු භූමදානය සිදුවූයේ මාර්තු මුල් සතියේය.

එනම් වසරකට ආසන්න කාලයක් කොරෝනා සිරුරු පුච්චා දැමීම ( ආදාහනය ) සිදු විය.

නමුත් පෙරේදා නසීර් අහම්ඩ් කෙස් කෙලින් කරන කථාවක් කීවේය. මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු පිච්චුවේ නැති බවත් පුච්චා දමනු ලැබුවේ හිස් මිනී පෙට්ටි පමනක් බවත් ඔහු කීවේය ( වෙනත් වචන වලින් කීවද ඔහු ලබා දුන් පණිවිඩය එය විය )

‘පෙට්ටි 182ක් පුච්චා දැමූ බව’ ගණන් ඉලක්කම් සහිතව නසීර් අහමඩ් කීවේය

ඔහු මෙම කථාව කීවේ පෙරේදා (15) මඩකලපුව, බටහිර ඔට්ටමාවඩු ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය

නසීර් අහමඩ් යනු හිටපු නැගෙණහිර ආණ්ඩුකාරයාය. මොහු දැන් සිටින්නේ බැසිල්ගේ ඔඩොක්කුවේය

නසීර් අහමඩ්ගේ හෙළිදරව්ව අනුව ගෝඨාණ්ඪුව කොරෝනා වැළදී මියයන මුස්ලිම් සිරුරු ශීතාගාර වල තබා හිස් මිනී පෙට්ටි පුච්චමින් සිංහල බෞද්ධයා රවටා ඇත. වසරකට ආසන්න කාලයක් මෙම ‍රැවටීම කර ඇත

No comments:

Post a Comment