Sunday 18 April 2021

කබීර් හෂීම් ඇපකර නැතිව බිලියන 10 ක් ණය දුන්නා – නි.මුදල් ඇමතිගේ පිළිතුරෙන් සජිත්ගේ රෙදි නෑ

 

නන්දසේනගේ සහ ජලනි ප්‍රේමදාසගේ ගජ මිතුරෙකු වන සජාත් මව්සීන් සිදුකල බදු මගඩිය ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම වංචාව ලෙස ඉතිහාසගතවී ඇත .

ආණ්ඩුවේ නායකයා සහ විපක්ෂ නායකයා සජාත් මව්සීන්ගෙන් උදව් ලබා ගෙන ඇති නිසා ඉතිහාසයේ විශාලතම වංචාව කාලයේ වැලි තලාවෙන් යට වෙමින් පවතියි.කෙසේ වුවද සජිත් විපක්ෂ නායකයා ලෙස බිලියන 25ක බදු වංචාව ගැන මුණිවත ‍රැකීම ඛේදවාචකයකි.

සජාත් මව්සීන්ගේ සීනි සහ පොල්තෙල් වංචාව ගැන කෙල බිදක් නොහෙලන සජිත් ඊයේ ඩී,.එස් ගුණසේකරට ලංකා බැංකුවෙන් ලබා දුන් ණය ගැන ප්‍රශ්න කළේය. හොරුන් ආරක්ෂා කරමින්, ඩීල් දමමින් තම ජාමේ බේරා ගැනීමට ප්‍රශ්න අසන සජිත්ට නොසිතූ අලකලංචියක් සිදු විය

අජිත් නෙවාඩ් කබ්‍රාල් දුන් පිලිතුරෙන් සජිත්ගේ ලංකට් එකත් ගැලවී ගියේය.

ලංකා බැංකුව 2015 වසරේදී යහපාලන ආණ්ඩුවේ නායකයාගේ උපදෙස් මත පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට රුපියල් බිලියන 10 ක් විනාඩි 10 කින් ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය අජිත් නිවාඞ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

එම කාලයේ ලංකා බැංකුව පැවතියේ කබීර් හෂීම් යටතේය.එකල්හි මහ බැංකුව තිබුනේ රනිල් යටතේය රජයේ වාණිය බැංකු තිබුනේ කබීර් හෂීම් යටතේය. බිලියන 10 සම්පාදනය කිරීමේ කොමිස් ගියේ කබීර් අතටය. අද සජිත්ගේ දකුණු අත ලෙස ක්‍රියා කරන්නේ කබීර් හෂීම්ය

No comments:

Post a Comment