Sunday 18 April 2021

ප්‍රඥා සාසනයේ අභිවෘද්ධියට මහින්ද කරන සේවය විකෘති කරන ගෝඨාවාදීන් ගැන වහා සොයා බලනු !

 


ඊයේ එනම් (8) දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය වෙනුවෙන් කැපවූ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සිදු විය. ප්‍රතිලාභ ‍රැසක් හිමිවන මෙම රක්ෂණය සදහා වාර්ෂිකව ගෙවිය යුතු වූයේ රු 2000 පමන ඉතා අඩු මුදලකි. තවද ඩිජිටල් ගෙවීම් ක්‍රම හරහා රක්ෂණ වාරිකය පූජා කළ හැකි වීම විශේෂයක් විය.

නව රක්ෂණ ක්‍රමය භෞතික සහ අධ්‍යාත්මික යන දෙ ආකාරයෙන්ම සෙත සදන්නක් වීම තවත් විශේෂයකි

රක්ෂණ ක්‍රමයේ හෞතික ප්‍රතිලාභ (මූල්‍ය ප්‍රතිලාභ ) ලෙස සංඝයා වහන්සේලාගේ මව, පියා, සහෝදර සහෝදරියන් රජයේ රෝහලකකට ඇතුල් වීමේදී දිනකට රුපියල් 1000  බැඟින් රු.15000 ක උපරිමයක් සහ රෝහල්ගතව සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25000 දක්වා හිමිකම් ඇත.

මූල්‍ය ප්‍රතිලාභ වලටත් වඩා මහා සංඝරත්නයට මින් ලබා ගත හැකි චිත්ත එකාග්‍රතාවය අප්‍රමානය. දෙමාපියන් සහ නෑදෑයින් ‍රැක බලාගැනීමට මෙම රක්ෂණ ක්‍රමය පි‍ටුවහලක් වන හෙයින් ”නිවන” මුඛ්‍ය පරමාර්ථය ලෙසින් පිහිටා මාර්ගය වඩන භික්ෂූන්ට මින් සැලසෙන සෙත ලිවීමට වචන අප සතුව නැත.

මීට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉඩමක් හිමි එහෙත් නිවසක් ඉදි කර ගැනීමට නොහැකි සංඝයා වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් මූල්‍ය ආධාර වැඩසටහනක් දියත් කළේය. එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 06 බැඟින් නිවාස 2000 ඉදි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළේය.

මහා මහා සංඝරත්නයට සිව්පසින් උපස්ථාන කිරීම අතින් මහින්ද රාජපක්ෂට සම කළ හැකි තවත් නායකයෙක් නැත. සම්බුද්ධ සාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ කරන සේවාව ඥානක්කා සරණ ගිය ගෝඨාවාදීන් විසින් වසන් කිරීම/ විකෘති කිරීම අභාග්‍යයකි.

ප්‍රඥා සාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ සිදු කරන සේවාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප අගේ කරමු.

ගෝඨාභයට සහ ඔහුගේ ගොට්ටන්ට කැමති ආගමක් කැමති ලබ්ධියක් දැරීමට නිදහස ඇත . එහෙයින් කිසිවෙකු ඥානක්කා සරණ යාම ගැන අපට දොස් කිව නොහැක. නමුත් ඥානක්කා සරන ගිය ගෝඨා මිත්‍යාව ප්‍රචලිත කරමින් ප්‍රඥා සාසනය යටපත් කිරීමට දරන උත්සාහය ගැන අප ඉතා අවධියෙන් සිටින්නෙමු

No comments:

Post a Comment