Sunday 18 April 2021

යහපාලන ආණ්ඩු සමයේ වංචා විමර්ශන වාර්තාව පාර්ලීමේන්තුවට – සජිත්ට සහ ශ්‍රිලනිප 5 කට බරපතල චෝදනා!


පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ කොමිසමේ වාර්තාව මේ වන විට පාර්ලීමේන්තුවට ඉදිරිපත් කොට ඇත . එහි උණුසුම මැකීයාමටත් මත්තෙන් 2015 -2018 කාලයේ වංචා විමර්ශන වාර්තාව පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වී ඇත. මෙම කොමිසම් දෙකම පත් කළේ සිරිසේන ජනපති ලෙස සිටියදීය.

පාස්කු බෝමබ කොමිසමේ වාර්තාව මේ වන විට පක්ෂ විපක්ෂ සියලු දෙනාට ඇණයක් වී ඇත. විශේෂයෙන් කොමිසම පත් කළ සිරිසේනටම එම වාර්තාව මරාලයක් විය. එමෙන්ම බැසිල් රාජපක්ෂ කොමිසමට බලපෑම් කොට ඇති බවට සිරිසේන පාර්ශවය ආඩපාලි කීහ.

2015-2018 යහපාලන ආන්ඩුවේ වංචා විමර්ශන වාර්තාව පෙර එකට වඩා විශාල දේශපාලන බෝමබයකි. වංචා විමර්ශන වාර්තාවෙන් සජිත් ප්‍රේමදාසට සහ ශ්‍රිලනිප ප්‍රභලයන් 5 දෙනෙකුට බරපතල චෝදනා එල්ල වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

මධ්‍යම සංස්කෘකීක අරමුදල අවභාවිතා කිරීම පිළිබදව සහ නිවාස අමාත්‍යංශයේ සම්පත් අවභාවිතා කිරිම පිලිබදව සජිත්ට චෝදනා එල්ල වී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් පැවරීම ගැන චම්පිකට චෝදනා එල්ල කොට නැති නමුදු ඒ පිළිබද විමර්ශනය කළ යුතු බව නිර්දේශ කොට ඇත.

චන්දිම වීරක්කොඩි ඇතුළු ශ්‍රිලනිප ප්‍රභලයන් 5 දෙනෙකුට මහජන මුදල් අවභාවිතා කිරීම පිලිබදව බරපතල චෝදනා එල්ල කොට ඇත. බැදුම්කර ගණුදෙනුව පිලිබදව වෙනම කොමිසමක් වූ හෙයින් ඒ පිළිබද කිසිදු නිර්දේශයක් මෙම වාර්තාවේ නොමැත

මෙම වාර්තාව පාර්ලීමේන්තුවට ගෙන ඒම බැසිල්ගේ දේශපාලන කාල බෝම්බයක් ලෙස පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වෙයි

No comments:

Post a Comment