Sunday 18 April 2021

බිලියන 35ක් කොල්ල කෑ උන්ට ඇප , තැන්පත් කරුවන් හඬා වැලපෙමින් රජයට විරෝධය පායි

 

ලංකාවේ මේ වන විට මහජනයාට පොලු තබා ඇති මූල්‍ය ආයතන ගණන 100 කට වැඩිය. ලියාපදිංචි කළ සහ නොකළ දෙකම ඒ අතර ඇත. සමුපකාර ණය දෙන සමිතිද ඒ අතර ඇත. විගොඩ සණස බැංකුවේ සභාපති සමීර සේනානායක තැබූ පොල්ල කෝටි 80 කට වැඩිය.

සනස බැංකු වල තැන්පත්කරුවන් ඇති හැකි අය නොවේ. ඔවුන් බොහොමයක් මහ පොළොව සමග හැපී ඵලදාව විකුණා කීයක් හෝ ඉතිරි කළ පිරිසකි. ඇතැම්හු පින් පඩියෙන් කීයක් හෝ ඉතිරි කළ අය වෙයි.

පුරවැසියෙකු ලේ, දහදිය වගුරුවා ඉතා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් මූල්‍ය සමාගමක තැන්පත් කරන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඔවුන්ගේ ජීවිතය ‍රැඳෙන්නේ එම මුදල මතය. එම ඉතුරුව අහිමි වීම ළු ජීවිතයම කඩා වැටීමකි.

මූල්‍ය ආයතන පොලු නිසා සිය දිවි හානි කරගත් පුද්ගලයන් ගණන සියයකට වැඩිය, අකාලයේ මියගිය ගණන දහසකට වැඩිය, කැඩී බිඳුනු පවුල් ගණන මෙතෙකැයි කිව නොහැකිය.

ඊයේ මහජන මුදල් රුපියල් බිලියන 35ක මුදලක් වංචාකිරීමේ චෝදනාව මත එදිරිසිංහ පවුලේ සහෝදරයන් අත්අඩංගුවත ගත්හ. නමුත් අද දිනයේ නීතිපතිවරයාගේ සහ තැන්පතුකරුවන්ගේ විරෝධතාවය තඹයකට මායිම් නොකරමින් චූදිතයන් ඇපමත නිදහස් විය

මෙය උසාවියටත් කළ අපහාසයක් වන බව තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් ගම්ලත්ආරච්චි කීවේය. ඇප නියෝගය නිකුත් වීමත් සමග අධිකරණය අසල සිටි තැන්පත්කරුවන් යක්ෂාවේශව මෙන් විරෝධය දැක්වූහ. රජය තමන් ‍රැවටූ බව හඬා වැටෙමින් ඔවුන් ප්‍රකාශ කළහ.

මේවන විට මූල්‍ය ආයතන පොළු නිසා ලක්ෂ 4ක පමන පිරිසක් අන්ත අසරණ වී ඇත. මූල්‍ය ආයතන පොළු වලින් අසරණ වූ තැන්පතු කරුවන්ගේ මුදල් 100% පියවූයේ යහපාලන ආණ්ඩුව පමනි. රවී කරුණානායක මුදල් ඇමතිව සිටියදී ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ මුදල් මුළුමනින්ම පියවූයේය.

ලංකාව අරුම පුදුම රටකි . මහජන මුදල් කොල්ල කෑ එදිරිසිංහලාට කොතලාවලලාට ලංකාවේ කිසිවෙකු බැංකු කැඩුවා කියන්නේ නෑත. ලංකාවේ උන් බැංකු කැඩුවා කියන්නේ, කැඩූ බැංකුවකුත් නැති සහ බැංකු හොරුන්ගෙන් පීඩාවට පත් ජනයාට සෙත සැලසූ රවී කරුණානායකටය.

මෙහි ඊටත් වඩා ඛේදජනක පැතිකඩක් ඇත. පසුගිය කාලයේ සජිත්ගේ පිරිස සහ බයියන් රනිල් රවි බැංකු කැඩුවා කියා අසද්ද බොරුවක් ජනගත කළහ. නමුත් සත්‍ය ලෙසම බැංකු මංකොල්ල සිදු වූ ETI , ද ‍ෆිනෑන්ස් වැනි ඛේදවාචක ගැන මොවුන් මීක් නැත

No comments:

Post a Comment