Sunday 18 April 2021

ශිෂ්ඨාචාරයේ හදවත ‍රැකගනිමු- මිල කළ නොහැකි සිංහරාජ ජල සම්පත චීනයට අදින සැලසුම පරදවමු


ජලය ලෝකයේ ඇති ගුණ දායකම පානය වෙයි. හිමෙන් වැසුන ඇන්ටාටිකාවේ ලෝකයේ හොදම වතුර ඇතැයි කීවද එය අමු කෙබරයකි. වතුර බොතල් අපනයනය කිරීම යුරෝපා සහ ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන ආදායම් මාර්ගයකි. තමන්ගේ කලාපයේ හොදම වතුර ඇතැයි කියන්නේ ඔවුන්ගේ වතුර බෝතල් මාකට් කිරීමටය.

ලෝකයේ හොදම වතුර තිබෙන්නේ දින 365 පුරා හිරු එළිය ලැබන සමකය ආශ්‍රීත සදාහරිත ජල උල්පත් තුලය. වෙනත් වචන වලින් කිවහොත් ලෝකයේ හොදම වතුර ඇත්තේ ලංකාවේ සිංහරාජය තුලය.

සිංහරාජ සදාහරිත වනාත්තරය අසමසම වන්නේ පාරිසරික සාධක නිසා පමනක් නොවේ. සිංහරාජ වන සෙනසුන තුල මග වඩන භික්ෂූන් තුන් ලෝකයට මෙත වඩමින් පිටකරන සුදු කිරණ නිසා එය විශ්වයේ ඇති අමිල නිමල ස්ථානයකි. සිංහරාජ සදාහරිත ජල උල්පත් වල ගැබ්ව ඇති ගුණය කිසිවකට සමකළ නොහැක.

සිංහරාජය යනු ආධ්‍යාත්මික සහ භෞතික ශක්තීන් වල බලාගාරයකි. සිංහරාජය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කොට ඇත්තේ මෙකී නොකී හේතු බොහොමයක් නිසාය.

ඊයේ වීරකැටිය ප්‍රදේශයේ උත්සව සභාවක් අමතමින් චමල් කෙස් කෙලින් කරන කථාවක් කීවේය. ලෝක උරුමය සිංහරාජය තුල විශාල වැව් 2ක් ඉඳි කොට හමබන්තොටට ජලය ගෙන යන බව චම්ල් කීවේය.

මෙය මහා කුමන්ත්‍රණයකි. සැබැවින්ම මෙහිදී සිදුවන්නේ හම්බන්තොට චීන මැරිටයිම් හබ් එකට සිංහරාජයේ වතුර ඇදීමය. මිල කළ නොහැකි සිංහරාජ ජල සම්පත චීනුන් සතු කර ගැනීමය.

චීන මැරිටයිම් හබ් එකට ජල නල එලන විට බෙලිඅත්ත මැදමුලන වලව්වට සහ තංගල්ලේ කාල්ටන් වලව්වටද වතුර ලබා ගැනීමට රාජපක්ෂලා සැලසුම් කොට ඇත.

නැවැත්ම වෙනුවට පැවැත්ම සොයන උන් සිංහරාජයට ඇතුල් වූ විට අනිච්ච පසක් කරමින් ආධ්‍යත්මික සහ භෞතික ශක්තීන් කැටිවූ සිංහරාජය මිය යනු ඇත

No comments:

Post a Comment