
නිදහසින් පසු මේ වන විට දශක 7ක් ගෙවී අවසානය. ‘අයවැය’ යනු චීරාත් කාලයක් තිස්සේ මහජනයා පුල පුලා බලා සිටින විශේෂ අවස්ථාවකි.නමුත් මේ වන විට අය වැය යනු ජනයා විසින් තුට්‍ටුවකට මායිම් නොකරන සිදුවීමක් බවට පත්ව ඇත.නිදහසින් පසු පුරවැසියන්ට වැඩිම සහන ලැබුනේ රවි කරුණානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් අයවැයෙනි.
ඓතිහාසික අයවැය
ඔහු රාජ්‍ය සේවක වැටුප දෙගුණ කළේය, ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල අඩු කිරීම කළේය, අත්‍යවශ්‍ය භාන්ඩ මිල අඩු කළේය, සමෘර්ධිය දෙගුණ කළේය, ඇති හැකි උන්ට බදු පණවමින් සමාන්‍ය ජනයා මත පනවා තිබූ බදු බර අඩු කළේය , ගොවි ණය කපා හැරියේය, කෘෂි කාර්මික උපකර්ණ වලට බදු 100% කින් අඩු කළේය .තව මෙකී නොකී සහන ගණනාවක් ලබා දී එය ක්‍රියාත්මක කළේය
රවි ප්‍රමුඛ එජාපය දුන් සහන අසමසමය
යලි එවන් අයවැයක් යලි ඇසීමට දැකීමට ලැබීම බොහෝ දුෂ්කර වනු ඇත.වසංගත උවදුර හමුවේ ආර්ථිකය වැටී ඇති මොහොතක රාජ්‍ය සේවකයා නොසැලී සිටින්නේ රවි කරුණායකට පින් සිදුවන්නය .කෙසේ වුවද එජාප රජය කළ කී දෑ අමතක කල 69 ලක්ෂයක් ජනයා අළුත් ආණ්ඩුවක් පත් කර ගත්හ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. ඉතිහාසයේ සාහසිකම අය වැය ඊයේ ඔවුන් ඉදිරිපත් කළහ.
ගෝඨාණ්ඩුව ජනයාට කොකා පෙන්වයි
ගෝඨා සිය මැතිවරණ ප්‍රකාශනයේ දස ප්‍රතිඥා හරහා පොරොන්දු වූ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ඊයේ ඉදිරිපත් කළ අය වැයත් සමග උඩු සුළගේ ගසා ගෙන ගොස් ඇත.ජනයාට අත්වූ මේ ඛේදජනක ඉරණමට වගකිව යුතු පාර්ශව බොහෝය. සජිත් ප්‍රේමදාස සිය බල කාමය වෙනුවෙන් එජාපය පාවා දීම නිසා ශක්තිමත් විපක්ෂයක් අහිමි වීම මූලිකම කරුණකි .ගෝඨාණ්ඩුවට රිසි සේ පිස්සු කෙලීමට 2/3 බලයක් ලබා දීමේ චූදිතයා සජිත් ප්‍රේමදාසය.
සජිත් කළ අපරාධයට දඩුවම් ලැබී ඇත
සිංහල, දෙමළ මුස්ලිම් ජනයා එකමුතු කළ එජාපය නම් මහ ගෙදර කඩා බිඳ දැමුවේ සජිත්ය . තෙවරප්පෙරුම වැනි මානව හිතවාදීන් අහිමි කළේ සජිත්ය. රවිට රනිල්ට පිටු පස සිට පිහියෙන් ඇන්නේ සජිත්ය. අකිල ,අර්ජුන , රංගේ බණ්ඩාර ආදී වශයෙන් ජනතාවගේ ආදරය දිනා ගත් පිරිසක් රටට අහිමි කළේ සජිත්ය.එජාපය වැළගත් ප්‍රතිපත්ති ගරුක තරුණ දේශපාලකයන්ට වල කැපුවේ සජිත්ය.අද සජිත්ට කළ පව් ගෙවීමට සිදුව ඇත. නලා කරුට කොකා පෙන්වා පොළේ තනියෙන් නටන්න ගිය නයාට අත්වූ ඉරණමට සජිත්ට අත් වී ඇත.
දුර දකින මග කියන රවි
රනිල්- රවිට හොරුට යයි ලේබල කොට , තමා සුදු නෙළුමක් ලෙසින් පෙනී සිටිමින් නිර්මානය කළ සජිත්ගේ නව පක්ෂය උපන් ගෙයිම මිය ගොස් ඇත. මහ බැංකු කථාව දේශපාලන ගුණ්ඩුවක් බව ජනයා දැන් තේරුම් ගෙන ඇත. පාර්ලීමෙන්තුවේ නොසිටියා කියා රවීගේ දේශපාලන ව්‍යාපෘති කිසිවක් නතර වී නැත.රවීගේ මාධය භූමිකාව නැවතී නැත. දුර දකිමින් මග කියමින් අදටත් මහ ජනතාවගේ ඇස් පාදන්නේ රවිගේ මාධ්‍ය කණ්ඩායමය. අති සාර්ථික ව්‍යාපාරිකයෙකු වන රවීගේ ව්‍යාපාර කඩා වැටී නැත. ඒවා පෙරටත් වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මකය.
රවි- රනිල් තිරය පිටුපස සිට ක්‍රියාත්මකය
රවි- රනිල්ට ආඩපාලී කීමෙන් පාඩු වූයේ මෙරට මහ ජනතාවට සහ විපක්ෂයටය. බොහෝ දෙනෙකු නොදන්නවා වුවද රවි යනු තිරය පිටුපස සිට ක්‍රියාත්මක බැසිල්ට නොදෙවෙනි හස්ථයකි. රවී යනු මෙරට ආණ්ඩු හැදීමේ සහ පෙරලීමේ මහ මොළ කරුවෙකි.ඉතිහාසය ඊට සාක්ෂිය. රවී, අර්ජුන, රංගේ, තෙවරප්පෙරුම , රුවන්, අකිල සහ දිවයින පුරා විසිරී සිටින ඉහල ඇවරියේ එජාප දේශපාලකයන් නොමැතිව ගෝඨාණ්ඩුව පෙරලා දැමිය නොහැකි බව දැන් සජිත්ද තේරුම් ගෙන ඇත.
ඇත්ත කථාව මෙන්න
කියන්නන් වාලේ රවීට හොරා කීවද, රවීගේ ඇත්ත කථාව දන්නෝ දනිති. වරලත් ගණකාධිකාරිවරයෙකු වන රවී දේශපාලනයට ආවේ ලලිත් ඇතුලත් මුදලිගේ ඉල්ලීම පරිදිය.ජාතික ලැයිස්තුවෙන් පාර්ලීමේන්තුවට පත් කළ ලාබාලතම මන්ත්‍රීවරයා රවීය. රවී උපතින්ම විශාල දේපලකට හිමිකම් කීවෙකි. රවි සිය දක්ෂතාවය නිසා වසර 22දී වරලත් ගණකාධිකාරිවරයෙකු වූ අතර වයස 24 සම්පූර්ණ කරන විට ලංකාවේ වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයන් අතර වටිනාම වාහනය සහ නිවස සතු වූයේ රවීටය. ඒ වන විට රවී දේශපාලනයට පැමිණ තිබුනේ නැත.
ඉතිහාසයයේ සාහසිකම අයවැය
ඊයේ දිනයේ අසාර්ථක ගෝඨාණ්ඩුව ඉතිහාසයයේ සාහසිකම අයවැය ඉදිරි පත් කළේය. මේ වන විට ලංකාවේ ජාතික ආදායම රුපියලක් නම් වියදම රු 4කි. ආදායම සහ වියදම අතර හිගය පියවා ගන්නේ ණය වලිණි .ණය ගෙවන්නේ චීනයෙන් ගිණි පොළියට ගන්නා කොමිස් ණය වලිනි. පොහොර නැතිව, අස්වැන්න විකුණා ගත් නොහැකිව ලත වන ගොවීන් නගා සිටුවීමට වැඩ පිළිවෙලක් නැත, මහ පාරට වැටී ඇති ලක්ෂ 3 කට ආසන්න මෝටර් සයිකල් කර්මාන්තයේ නියුතු ජනයා ගැන වගේ වගක් නැත.මේ ආකාරයෙන් ඊයේ ඉදිරිපත් කළ ගෝඨාණ්ඩුවේ අයවැයෙහි සාහසිකත්වය ගැන පොතක් ලිවිය හැක .
සෙමින් නමුත් නිසැකවම විය යුත්ත සිදු වෙමින් පවතී
දුක් විඳින ජනයාට කීමට ඇත්තේ මෙපමනකි.එජාපය දුෂ්ඨ ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස බලා සිටිනවා නොවේ. ව්‍යාපාරයක හෝ රැකියාවක නිරතවී ගෞරවනීය වෘත්තිකයෙකු ලෙස ජීවත් විය හැකි ආර්ථිකයක් බිහි කිරීමට රවි කරුණානායක ප්‍රමුඛ එජාපය කැප වී සිටියි. සෙමින් නමුත් නිසැකවම නුදුරු අනාගතයේදී එය සිදු වනු ඇත. ඊට අවශ්‍ය භූ දේශපාලනය දැනටමත් සැකසී හමාරය. දුෂ්ඨ ආණ්ඩුව පෙරලීමට නව පෙරස්ත්‍රොයිකාවක් යටතේ නැවුම් ජනවුරක් ගොඩ නැගීම ආරම්භ වී ඇත.
No comments:
Post a Comment