Sunday 18 April 2021

විපක්ෂ නායකයා පො#නයෙකු ලෙස වැඩ කළ හොත් රාජපක්ෂලා පරාජය කරනවා බොරුය

 


පාස්කු ප්‍රහාරය එල්ල වූයේ නැති නම් ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත.එසේ නම් චමල් ජනාධිපති අපේක්ෂකයා වන අතර සජිත්ට පහසු ජයක් ලබා ගත හැකිව තිබුණි.

පාස්කු ප්‍රහාරයේ පිහිටින් ගෝඨා ජනාදිපති අපේක්ෂකයා වූවා පමනක් නොව මුස්ලිම් අන්තවාදීන් අතුගා දැමීම මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ පොරොන්දුව විය.

ගෝඨා පාස්කු ප්‍රහාරයේ පිහිටින් ජනධිපතිවරණයද ජය ගත්තේය . පාර්ලීමේන්තුවේ 2/3 බලයක්ද ගත්තේය. අනතුරුව සාක්ෂි යට ගැසීම සහ මධ්‍ය සංදර්ශන පෑම මිස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ කිසිවක් නැත.

මෙවන් තත්වයක් තුල පාස්කු ප්‍රහාරය පි‍ටු පස සිටින්නේ ගෝඨා යයි බෝහෝ දෙනෙකුට සැක පහල විය. සැකය තවත් මෝදු කරමින් අශෝක් අබේසිංහ කෙස් කෙලින් කරන හෙළිදරව්වක් කළේය. පාස්කු ප්‍රහාරය ගෝඨාගේ සහ බැසිල්ගේ වැඩක් බව ඔහු කීවේය.

අශෝක් අබේසිංහගේ හෙළිදරව්ව ‍රැල්ලක් වීමට පෙර එය නැවැත්වීමට ගෝඨාණ්ඩුවට අවශ්‍ය විය. වහාම අශෝක් අබේසිංහ CID වෙත කැඳවූයේය.

අශෝක් අබේසිංහ CID වෙත ගියේ විපක්ෂ නායක සජිත් සමගිනි. ඔවුන්ගේ සහයට මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද පැමිණියේය. . පක්ෂ නායක සජිත්ගේ හයියද ගෙන අශෝක් අබේසිංහ CID ය හමුවේ තාර්කික කට උත්තරයක් දෙනු ඇතැයි බොහෝ දෙනෙකු බලා පොරොත්තු විය.

අහෝ ! CID යෙන් එළියට පැමිණි අශෝක් අබේසිංහ මාධ්‍යට කථා කිරීමටද බිය විය. මගේ ප්‍රකාශයට පදනමක් නෑ… ප්‍රකාශය ගැන කනගාටු වෙනවා.. අශෝක් අබේසිංහ කනු කුනු ගෑවේය. වීඩියෝව එඩිට් කරල යයි– අබේසිංහගේ නීතීඥ යා කීවේය.

ලාංකීය දේශපාලනය තුල මංගල සමරවීර රාජපක්ෂලාට එරෙහිව ඔවුන් බෙල්ලටම හිරවන කථා සිය ගණනක් කර ඇත. CID ට ගිය අවස්ථා එමටය .නමුත් මංගල CID ගියා කියා කිසි දිනෙක සිය මුල් ස්ථාවරය වෙනස් කර නැත.ඔහු සජිත්ලා , අශෝක් අබේසිංහලා මෙන් පොන්න ලීලාවෙන් වැඩ කොට නැත.

විපක්ෂ නායකයා සහ විපක්ෂ මන්ත්‍රීන් මේ අයුරුන් වැඩ කළ හොත් රාජපක්ෂලා තව අවුරුදු 10 කටවත් පරාජය කරනවා බොරුය.

බැරි දේ නොකරන් අබරෝ කියා ජන වහරේ කථාවක් ඇත. අශෝක් අබේසිංහ කළ කථාවෙන් වාසි ලැබුවේ පාස්කු ප්‍රහාරය පිළිබදව බෙල්ලටම හිර වී සිටි ගෝඨාබයය.

No comments:

Post a Comment