Monday 5 February 2018

අප සිටින්නේ රාමුව තුල නම් පින්තූරය නොපෙනේ



 දෙවන ලෝක යුද්ධයේ නිමාව සියලු රටවල ප්රමෝදයට හේතුවිය. නමුත් එය ලෝකයේ ප්රධාන අවිඅයුධ නිෂ්පාදකයන්ගේ සතුටට හේතු නොවින. ඔවුන් නව මංපෙත් වල සිය ආයෝජන දියත් කලේය. ඒ අතර ප්රධාන වූයේ 1950-70 අතර කාලයේ හරිත විප්ලවය නමින් ගෙන ආ ව්යයාපෘතියයි. හරිත විප්ලවය මේහෙයවූයේ මොන්සැන්ටෝ නම් බහුජාතික සමාගම විසිනි. මෙහිදී පාරම්පරික බීජ වෙනුවට නව දෙමුහුන් බීජ වර්ග හදුන්වා දීම සිදුවිය. එම වගාවන් නඩත්තු කිරීමට පොහොර සහ කෘෂිරසායන හදුන්වා දුන්නේය. අස්වැන්නේ කිලෝ ග්රෑම් ගණිතයට අනුව ගොවියාට යම් වාසියක් අත්ව තිබුනි .ඒ අනුව දෙමුහුන් බීජ , පොහොර සහ කෘෂිරසායන ගොවිබිම ආක්රමනය කලේය

 80 දශකයට පැමිනෙන විට ඊනියා හරිත විප්ලවයේ නිරුවත මනාව දිස්වුනි. පරිසරයේ සමතුලිත බව බිද වැටුනි. පරිසරය සමග හැදී වැඩෙන පාරම්පරික බීජ වර්ග අතු ගෑවී තිබුනි. කෘමිනාෂක හේතුවෙන් ගොවිපරපුර ඇවිදින ඇටසැකිලි වන් රෝගී පිරිසක් විය. ණය බර ඉහවහ ගොස් තිබුනි. හරිත විප්ලවයෙන් ගොඩගියේ සමාගම් හා ඔවුන්ට අත් උදව දුන් නිලධාරීන් පමනි. රජයේ නිලධාරී පැලැන්තිය දැන හෝ නොදැන හරිත විප්ලවයට කඩේ ගියේය. බහුජාතික සමාගම් වල ශුක්ෂම අල්ලස් වලට ඔවුන් යටවී තිබුනි. විදෙස් සවාරි, පුහුනු වැඩසටහන්, මුදල් අල්ලස් වැනි විවිධ ස්වරූපයෙන් එය ක්රියාත්මක වුනි. අද, ඊනියා හරිත විප්ලවය කෘෂි කර්මාන්තය හයිජැක් කොට හමාරය. එය අප සියලු දෙනා හමුවේ දක්නට ඇති සත්යකි.

හරිත විප්ලවයේ මහ මොලකරු වූයේ මොන්සැන්ටො සමාගමයි. මොන්සැන්ටො සමාගමේ අයිතිකරුවන් වන්නේ කුප්රකට යුදෙව් රොත්ස්චයිල්ඩ් නිවසයි. ලොව ප්රධානතම අවි නිෂ්පාදන සාමාගම් වන ලොක්හීඩ්, ජෙනරල් ඩයිනමික්ස්, නොර්ත් රොප් අයත් වන්නේ මොවුන්ටය.ලොව ප්රධානතම මාධ්ය ජාල වන රොයිටර් ‘ටයිම්වෝනර්, වයාකොම්, වෝල්ට් ඩිස්නි, නිව්ස් කෝපරේෂන්, සීබීඑස් සහ එන්බීසීය ආයතන අයත් වන්නේ මොවුන්ටය. ලොව ජනප්රිය වෙළද සන්නාම බොහොමයක හිමිකම මොවුන් සතුය. තෙල් ඇතුලු ඛනිජ සම්පත් නිෂ්පාදන ඒකාධිකාරිය මොවුන් සතුය මුදල් සංසරණය ආරම්භවීමත් සමගම එකී ක්රියාදාමය අධීක්ෂණය සදහා මහ බැංකුව නම් ආයතනයක් බිහිවිය.

ලොව සෑම මහ බැංකුවකම නාස් ලනුව ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනය සතුය. ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකාවේ මධ්යම රජය සතු දේපලක් නොවේ. මෙම ආයතනය ගොඩනැගී ඇත්තේ පෞද්ගලික බැංකු 9 ක එකතුවකිනි. එම වාණිජ බැංකු 9යේ අයිතිය රොත්ස්චයිල්ඩ් නිවස සතුවෙයි. එනම් නිවියොර්ක් ෆෙඩරල් රිස්ර්ව් බංකුව යනු රොත්ස්චයිල්ඩ් පවුලේ වත්කමකි. ලොව ඕනෑම පුද්ගලයෙකු දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් යම් ප්රතිශතයක් ෆෙඩරල් රිසර්ව් වෙත ගලා යයි. ලොව ප්රග්ධනය පාලනය කරනුයේ රොත්ස්චයිල්ඩ් නිවස විසිනි.

 16-17 සියවසේ පෙරදිග වෙලද ඒකධිකාරියක් ගොඩනැගූ කුප්රකට ඊස්ට් ඉන්ඩියා සමාගමේ හිමිකරුවන් මොවුන්ය , මූලු දකුනු ආසියාවම කොල්ල කෑවේ රෝත්චයිල්ඩ් නිවසයි. අනතුරුව භූමියද යටත් කරගත්තේය ලොව පාලනය කරන මෙකී වෙලද සිටුවරු ජනතාව කාමබෝගි ජීවිතයකට හුරු කලේය. නව ලේබල් වලින් මත් පැන් දුම්වැටි ගෙන ආවේය. පොපිමල් ජාවරමේ හාම්පුතුන් මොවුන්ය . එක් පසෙකින් රෝග කාරක මාර්කට් කරන මොවුන් තවත් පසෙකින් ඖෂධ අලෙවි කලේය, ගහ මරා ගැනීමට අවි ආයුධ තනා දුන්නේය , ප්රවෘත්ති යනු ඔවුන් තනන චිත්රපටය, චිත්රපට යනු ඔවුන්ගේ සත්ය ක්රියාදාමය.

 දේශපාලනය යනු ඔවුන්ගේ සූදුවයි මැතිවරන යනු ඇස්බැන්දුමකි , පාලකයන් තෝරනුයේ ඔවුන් විසිනි. ලොව යුද්ධය සහ සාමය තීරනය කරනුයේ මොවුන් විසිනි . 2000 වර්ශය වන විට ෆෙඩරල් රිසර්ව් බැංකුව යටතේ නියාමනය නොවූ බැංකු 7 ක් විය. එනම් කියුබාව, උතුරු කොරියාව, සිරියාව, ඉරානය, ලිබියාව, ඉරාකය, අෆ්ගනිස්ථානය රටවල බැංකුය. දැන් ඔබට මෙහි සැගවුනු සූත්රය දැකිය හැක . මිලිටරි ව්යාපෘති ක්රියාත්මක වන්නා වූ සමීකරණය සොයා ගත හැක. සී.අයි.ඒ , මොසාඩ් , මී 5, එෆ්.එස්.බි යනු මොවුන්ගේ අතකොලුය. ඔබාමලා, ට්රම්ප්ලා, තෙරේසලා, බෙන්ජමින්ලා යනු කලින් කලට පැමිනෙන දාස දාසින් පමනි. දාසයන් වෙනස් වෙයි නමුත් හාම්පුතුන්ගේ න්යාය පත්ර වෙනස් නොවේ.

No comments:

Post a Comment