Wednesday 28 February 2018

ජාතික ව්‍යාපාරය සහ මැදමුලන ප්‍රාන ඇපය


සිංහල බෞද්ධ අනන්‍යතාවය නොසලකා හැරීමේ වැඩ පිලිවෙල ආරම්භය වූයේ චන්ද්‍රිකා පාලන සමය තුලදීය. ඒ අනුව ජාතික ව්‍යාපෘතියක බරපතල හිඩසක්  පැවැතුනි.  චන්ද්‍රිකාගේ පාලන කාලය තුල ගොඩ නැගුනු ජාතික  ව්‍යාපාරයට  පන දුන්නේ චම්පික රනවක ප්‍රමුඛ පිරිසකි. 2005 වසර මැතිවරනයේදී චම්පකලා බිහිකල දරුවා මහින්දගේ සාසනයට භාර කරනවා විනා වෙන විකල්පයක් නොවිනි. මහින්ද බලයට පත්වුවද යුධ ක්‍රියාමාර්ගයකින් එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කල හැකි යයි ඔහු විශ්වාස නොකලේය. බලයට පත්වූ මහින්ද එක් කකුලක් ආරක්ෂක මන්ඩලයේ වූ අතර අනෙක කුමාර් රූපසිංහගේ සහජීවන පදනමේ විය.

මාවිල් ආරු වසා දැමූ විට පාගමන් ගොස් සොල්දාදුවාගේ සිට තරු ජෙනරාල් දක්වා දේශප්රේමය එන්නත් කලේ රාජපක්ෂලා නොවේ. කොලඹ සුවපහසු දිවියක් ගෙවමින් ටැමිල් නෙට් මෙහෙයවූ සිවරාම් නිහඩ කොට කොටින්ට කත් අදින උන්ට පනිවිඩයක් දුන්නේ  රාජපක්ෂලා නොවේ. ත්රිකුනාමලයේ කොටි පිස්තොල කල්ලිය රජවූ අවදියක දකුනෙන් බුදු පිලිමයක් වඩම්වා එය නගර මධ්යයේ පිහිටුවා උන්ට  අභියෝග කලේ රාජපක්ෂලා නොවේ. කොටි පිස්තෝල කල්ලිය සිංහල ජීවිත 42 ක් බිලි ගනිද්දී ඩොක්යාඩ් පාරේදී උන්ට රිටන් එක දුන්නේ රාජපක්ෂලා නොවේ. රාජපක්ෂලා කරේ කොටින් සමග ගේම ඉල්ලූ ආරක්ෂක උපදේශක කොටකදෙනියගේ තනතුර අහෝසි කොට ඔහු ගෙදර යැවීමය

යුද්ධය කිරීමට   රාජපක්ෂලා ටිකක් අදි මදි කලද  ආයුධ මිලදී ගැනීමට නම් පැකිලුනේ නැත.  හමුදාව බෝම්බ සීයක් ඉල්ලන විට දෙසීයක් දුන්නේය. ඒ හැම ගනුදෙනුවක් තුලම කොමිස් කුට්ටියක් ඔවුන්ගේ සාක්කුවට වැ‍ටුනි. ඒ කෙසේ වුවද   රනිල්ගේ කොටි හුරතල් කරන සාමයට වඩා ලේ හැලෙන යුද්ධය  මහජනතාව   වැලද ගත්තේය  . මෙකී ප්‍රවනතාවය හදුනා ගැනීමට මහින්දගේ දේශාපලන ඉව ඕනැවටත් වඩා සමර්ථ විය. වැට උඩ සිටි මහින්ද මිලිටරි ව්‍යාපෘතිය සමග එකට සිටගත්තේ ඒ අනුවය. යුද්ධය ජයග්‍රාහීව අවසන් විය . ඒ සමගම සිංහල ජාතික ව්‍යාපාරය හයිජැක් කොට ප්‍රාන ඇපයට ගත්තේය  .

යුද්ධයෙන් පසුව රාජපක්ෂලා වන්දනාමාන කරන කරන පිරිසක් බිහිවිය. ජාතියේ මුරදේවතාවන් වූයේ රාජපක්ෂලාය . ජාතික ව්‍යාපාරයේ පියවරුන්ට ඇපත් නැති විය . යුද්ධයෙන් ගසා කෑ රාජපක්ෂලා ඊ ලගට  සංවර්ධන ව්‍යාපෘති හරහා ගසා කෑවේය. ඒවා ගැන කනින් කොනින් කථා යනවිට පපුවට තඩිබා ගනිමින් දේශප්‍රේමය ගැන කථා කලේය. විදේශ කුමන්ත්‍රන ගැන කථා කලේය.  මහින්දගේ දපනයට වැ‍ටුනු සිංහල බෞද්ධ බලවේගයට  මිදීමක් නොමැත . මක්නිසාදයත් ඔවුන්ට විකල්ප නොමැති හෙයිනි . රනිල් යනු සුලුජාතික ඔඩොක්කුවෙන් යැපෙන  අයෙකි.තානාපති සූප්පුව නැතුවම බැරි අයෙකි 

2014 මැතිවරණ්යේදී සිංහල බෞද්ධ උප්පැන්නය පසෙක තබූ බොහෝ පිරිසක් රනිල්ගේ පෙරමුනට චන්දය දුන්නේ රට ගොඩ නැගීමටය.එසේ රනිල්ට ඡන්දය දුන් පිරිසෙන්  බොහොමයක් රටතොට පිලිබද යම් දැනුමක් ඇති අය විය.   නමුත් රනිල් ඔවුන්ගේ එම අභිලාශ සාහසික ලෙස කඩ කලේය . අද ඔවුන්ට මහින්දගේ දේශප්‍රේමයත් , රනිල්ගේ සංවර්ධනයත් යන දෙකම කුරිරු සරදමක්  වී ඇත. මහින්ද රනිල් මාරුවෙන් මාරුවට පිට කහ ගනිද්දී අසරනව ඇත්තේ රට ගැන කැක්කුමක් ඇති සැබෑ දේශප්රේමීන්ය. මහින්ද විසින්  ජාතික ව්යාපාරය හයිජැක් කිරීමේ පාපය විදවන්නේ ඔවුන්ය


No comments:

Post a Comment