Friday 2 March 2018

භූදේශපාලන සිතියම උනුසුම් කල මැදමුලන ආගමනය




ලංකාවේ අන්ඩු ක්රම ව්යවස්ථාව අනුව රටේ පාලන බලය මහජනයා සතුය. එනමුත් එකී පාලන බලය අද විපරීත ස්වභාවයක් ගෙන ඇත. බහුතරයේ බහුතරයක කැමැත්ත ඇත්තේ මහින්ද රාජපක්ෂ වෙතය. එනමුත් ඔහුට විධායකයේ හෝ පාර්ලීමේන්තුවේ බලයක් නොමැත. ඔහුට ඊලග ජනධිපතිවරනඅපේක්ෂකත්වය පවා අහිමිය. සිරිසේන රටේ විධායක ජනපතිය. එහෙත් ඔහුට බහුතර ජනතාවක් අකමැතිය. පාර්ලීමේන්තුවේ බහුතරයද ඔහුට අකමැතිය. රනිල්ට පාර්ලීමේන්තුවේ බහුතර බලයක් හිමිය, විධායකය ඔහුට අකමැතිය. එනමුත්  ඊලග ජනාධිපතිවරණය තෙක් මේ අංග විකල පාලන රාමුව  රකිනවා විනා විකල්ප නොමැත.


සියලු පාර්ශවයන්ගේ ඉලක්කය වී ඇත්තේ 2020 ජනපතිවරණයයි. බහුතර ජනතාවකගේ කමැත්ත ජයගත හැකි තුරුම්පුවක් තවමත් රනිල් සතුව ඇත . එනම් නීතිය හා සාමය සරත් ෆොන්සේකා වෙත බාරදීමයි. නමුත් එය ක්රියාවට නැංවිය හැකි වාතාවරණයක් නොමැත. රාජපක්ෂලා කල සොරකම් හා මිනීමැරුම් අරභයා ඔවුන් නිදොස් කොට නිදහස් කරනවා විනා අච්චු කල හැකි ජගතෙකු නොමැත. වර්තමානයේ සැලකිය යුතු සිංහල පිරිසක් රාජපක්ෂලා වන්දනා කරන බව නොරහසකි. මොවුන් දුටුවේ යුද සමයේ රාජපක්ෂලාගේ දේශපාලන භූමිකාව පමනි අවි ආයුධ ගනුදෙනු හරහාබිලියන ගනනින් කල සොරකම් දුටුවේ නැත. වෙනුවෙන් කල මිනීමැරුම් දුටුවේ නැත. එසේ කලද ඔවුන්ට කම් නැත.


 ඊලග මැතිවරණයේදී රාජපක්ෂලාගේ ජයග්රහනය නොවැලැක්විය හැක.මහජන මතය නිදා සිටින සිංහ රාජයෙකු බදුය . අවදි වූ කල නැවතිය නොහැක. ලංකාවේ නායකයන් අතර ඩී.එස් සේනානායක ගොවිජනපද බිහි කලේය , එස් ඩ්බ්.ආර්.ඩී බන්ඩාරනායක  ජනසතු කරනය වැනි ව්‍යාපෘති හරහා රාජ්‍ය සේවය කෙලින් කලේය . සිරිමාවෝ දේශීය නිෂ්පාදනය මුල් තැනෙහිලා රට නව මාවතකට යොමු කලේය. ජේ.ආර් මහවැලි ව්‍යාපෘතිය රටට දායාද කලේය. ප්‍රේමදාස යුගයේ ගම් උදාව,රටපුරා ඇගලුම් කර්මාන්තශාල බිහිවිය. මහින්ද යුද්ධය අවසන් කලේය ඉන්පසු චීනය සමග එක්ව දැවැන්ත අර්ථික පිම්මක් පැන්නේය. චන්ද්‍රිකා -රනිල්-සිරිසේන යුගයන් රට ආපස්සට ‍රැගෙන ගියා හැර ජනතාවට කල සේවයක් නොමැත


සිරිසේන පවුලේ අද තත්වය ඉතාම කනගාටුදායකයඇත් කුණකට වැසූ කපුටන් රංචුවක් මෙනිසිහියක් පතක් නොමැතිව මල කුන රස බලයි. සිරිසේනගේ  දුවලමාමලබෑනල  සියලු උන්  සිහියක් පත්ක් නොමැතිව  
සොරකමේ යෙදී සිටියිමලකුනේ ඇලී ගැලී සිටින කපුටන්ට සිහිඑලවෙන්නේ ගැඹුරු දියඹෙහිදීයඑහිදී උන්ටයලි ගොඩබිම  පැමිනීමක් නැත. රාජපක්ෂලා සරණ යාම හැර සිරිසේනලාට ගැලවුමක් නොමැත. ඉදිරියේදී සිදුවිය හැක්කේ එයයි . සිරිසේන ඉතිහාසයේ කුනු  බක්කියට  විසිවී හමාරය. රටේ නායකත්වයයට පත්වූ නොහොබිනාම පුද්ගලයා ඔහුය.  


යලි එලඹෙන 2020 රාජපක්ෂ යුගයේ ගමන් මග ඉතා පැහැදිලිය . රාජප්කෂලාට ඉන්දීය-ඇමෙරිකා හවුලින් වැඩක් නැත . ඉන්දියාව තුට්‍ටුවට මාඉම් නොකර චීනය සරන යාම රාජපක්ෂලාගේ දර්ශනයයි . අද්මිරාල් ඇල්ෆ්රඩ් මාහන් හදුන්වනුයේ ක්රමෝපායික භූදේශපාලනයේ මහා ප්රාඥයා ලෙසය. විසිවන සියවසේ ජීවත්වූ මොහු ඇමෙරිකන් ජාතිකයෙකි. ඔහු වරක් මෙලෙස ප්රකාෂ කර ඇත. ‘ලෝකයේ මුහුදු මාර්ග සියල්ලන්හි දොරටුව වැටී ඇත්තේ ඉන්දියන් සාගරය මතිනි. ඉන්දියන් සාගරයේ ආධිපත්ය දරන්නේ යම් ජාතියක්ද, භූ දේශපාලනයේ සහ ආර්ථිකයෙ සුපිරි බලය ඔවුන් සතුය. ලෝකයේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඉන්දියන් සාගරයේ ජලය මතය’’.



එම ප්රකාශය පසක් කරමින්, ලොව නාවික බලවතා වන ඇමෙරිකාව , දෙවන විශාලතම නාවික බලය සතු චීනය , තෙවන බලවතා රුසියාව සහ නාවික බලයෙන් 4 ස්ථානයෙ රැදි ඉන්දියාව මෙම සාගර කලාපයේ බලය අත්පත් කරගැනීමේ අනවරත අරගලයක නිරතය.චීනයේ ප්රථම විදෙස් නාවික කදවුර පිහිටුවීමට යන්නේ ලෝකයේ යුධ උපක්රමික මර්මස්ථානයක් වන ජිබොටී රාජ්යයේය. එය චිනය ගොඩ නගන මුහුදු සේද මාර්ගයේ වැදගත්ම නාවික මධ්යස්ථානයකි. පාකිස්ථනයේ ග්වදාර්, මාලදිවයින් , හම්බන්තොට, බංගලාදේශයේ චිතගොං, මියන්මාරයේ කොකො දූපත් සේද මාවතේ වැදගත් වරායන් ලෙසට චීන සලකුන යොදා ඇත.


ඇමෙරිකාව පරයා චීනය ලෝක ආර්ථිකයේ සුපිරි කිරුල දැරීමට ඉතා ආසන්න වී ඇත. චීනයේ සිහිනය මුලුමනින්න්ම රදාපවතින්නේ යොජිත මුහුදු සේද මාර්ගය මතය. සිය බලශක්ති අවශ්යතාව සපුරාලීමට ඛනිජ තෙල් සහ ගෑස් රැගෙන ආයුත්තේ අරාබි කරයෙනි. අරාබි මුහුද පකිස්ථානය හරහා ගොඩබිම් මාර්ගයකින් චීනයට ඈදා හමාරය (China–Pakistan Economic Corridor).  යුරේනියම් , මිනිරන් ඇතුලු නිෂ්පාදන අමුද්රවය රැගෙන යුත්තේ අප්රිකානු කලාපයෙනි. චීන යාත්රාවක් අප්රිකානු කලාපය ගියද,  පර්සියන් බොක්කට ගියද ඉන්දියානු උපමහාද්වීපය වටා කැරකී යා යුතුය. නාවික යාත්රාවක් ඉන්දියාව වටා කැරකීම යනු නාවික සැතපුම් 5000 පමන දුරකි. මේ අතරතුර චීනයට ඇති එකම නවාතැන් පොල ශ්රිලංකාවය. චීනයේ සැලසුම සිය නාවික මෙහෙයුම් ජාලයේ ප්රධාන මෙහෙයුම් මධ්යස්ථානය ලංකාවේ පිහිටුවීමය.

මලක්කා සමුද්‍ර සන්ධිය ලොව කාර්ය බහුලම නාවික මර්මස්ථානයි. ලොව භාණ්ඩ ප්රවාහණයෙන් 1/4ක් සිදුවන්නේ මේ සන්ධිය හරහාය. වසරකට 90000 ආසන්න යාත්රා ප්රමාණයක් හුවමාරු වේමෙම ප්‍රමාණය සුවස් ඇල සහ පැනමා ඇල යන මාර්ග දෙකේම ගමන් ගන්නා නැව් ප්‍රාමානයටත් වඩා වැඩිය. මෙම ප්‍රදේශය දකුනු චීන මුහුද ලෙසින් හැදින් වෙයි . මෙහි බලය ‍රැකගැනීමට චීනය අනවරථ අරගලයක නියුතුය සිංගප්පූරුව ගොඩනැගුනේ මලක්කා සමූද්‍ර සන්ධියේ ගමන් ගන්නා නැව් වලින් මඩිය තර ගනිමිනි. නමුත් අද එය ඇමෙරිකාවෙ සහ ඊශ්‍රායෙලයේ තිප්පලකි. සිංගප්පුරුව අද චීනය සමග හොද හිත පලුදු කරගෙන ඇත තායිලන්තය දෙබෑ කරමින් ක්‍රා ඇල ඉදිකරන්නේ මෙවන් පසුබිමක් තුලය. ක්‍රා ඇල  ඉදි වූ පසු  මුහුදු ගමන් මාර්ගය කි.මී 1000 පමන කෙටි වෙයි . නව මුහුදු මාර්ගය  සිංගප්පුරුව   හරහා ගමන් නොකරයි. සිංගප්පූරුව මග හැරෙන  නෞකාවල ඊලග නැවතුම වන්නේ මාගම්පුර වරායයි.



හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ගොඩනැගුවේ චීන සේද මාවතේ මුලෝපායික අවශ්යතාව නිසාය. ඒවා නැව් නො එන වාරාය හෝ ගුවන් තොටුපල නොව අප්රිකානු කලාපයෙන් නල මගින් රැගෙන එන ඛනිජ ද්රව්ය සැකසීමේ මෙහෙයුම මධ්යස්ථාන විය. කොලඹ ඉදි කෙරෙන පෝට් සිටිය චීනයේ වානිජ අගනුවරය. 21 වන සියවසේ චීනයේ ආර්ථික ඉලක්ක රැදී පවතිනේ ලංකාවේ භූ දේශපාලන සිතියම මතය. ඉන්දියාවඇමෙරිකාව එක්ව දියත් කල කුමන්ත්රනයකින් චින හිතවාදී රාජපක්ෂ රෙජීමයට විරාමයක් සටහන් කල බව ප්රකට කරුනකි. පලාත් පාලන මැතිවරනයෙන් පසු චීනතානාපති රාජපක්ෂලාගේ නිවසට නෑගම් යාමෙන් චිනය තව දුරටත් නිහඩ ප්රේක්ශකයෙකු ලෙස නොසිටින බව ඔප්පු කලේය.



No comments:

Post a Comment