Saturday 3 March 2018

ගින්දර සහ මැදමුලන - 1 (කොන්දගල මැදමුලන ආරවුල)





හම්බන්තොට බුද්දියගම ග්‍රාමයේ ඉංග්‍රීසි ආණ්ඩුවට අතිශය පක්ෂපාත ගම්මුලාදෑනියෙකු විය. සුද්දන්ට ඔත්තු සපයමින් ගොට්ට අල්ලමින් කල්ගෙවූ  ඔහුගේ ඒකායන  අභිප්‍රාය වූයේ ඉහලට නැගීමය.  ටික කලෙකින් ඔහු විදානේ තනතුරට උසස් විය. එතැන් පටන් ඔහු ජනගත වූයේ 'හාමු' ලෙසිනි. 'හාමු' ගේ නිවස කොන්දගල රාජපක‍්ෂ වලවිව බවට පත්විය. රාජපක‍්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ ඩී.එමි.රාජපක‍්ෂගෙනි. ඩි.එමි.රාජපක‍්ෂ කොන්දගල වලවිවේ ලොකු පුතාය.මහින්ද රාජපක‍්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක‍්ෂ අනෙක් පුතාය. කල වයස එලඹෙත්ම පෙලවහක් කරගත් ඔහු නව නිවසකට ගියේය. නව නිවස මැදමුලන වලවව ලෙසට නම් කලේය .1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඩී.එමි.රාජපක‍්ෂ අභාවයට පත්විය.ඒ වන විට  ඔහුගේ කොන්දගල වලවිවෙ වයස සමිපූරණ වු පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්ත්‍රී ධුරය මැදමුලන වලවිවෙ ඩි.ඒ.රාජපක‍්ෂට හිමි විය


ඩී.එම් රාජපක්ෂට පුතුන් දෙදෙනෙකු විය. එකෙකු ලක්ෂ්මන් රාජපක්ෂ වූ අතර අනෙකා ජෝර්ජ් රාජපක්ෂ විය. ඩී.එම් මිය පරලොව යනවිට මොවුන් ගෙන් කිසිවෙකු 18 සම්පූරන කර නොතිබිනි. මහින්දගේ පියාට පිනා චාන්ස් එකක් ලැබුනේ එහෙයිනි. කොන්දගල වලවිවෙන් මැදමුලන වලවිවට මන්ත්‍රිකම මාරු වුනේ කල වයසේ හුට පටයෙනි. 1947 මැතිවරණ වර්ෂයක් විය. 47 වනවිට කොන්දගල නිවසේ පුතා ලක්ෂ්මන් නිසි වයසට එලඹ තිබුනේය. ඒ අනුව ඔහු හම්බන්තොට අසුනට තරග කිරීමට ලක ලෑස්ති විය. ලක්ෂ්මන් පැමිනිය හොත් තමන්ට නැවත කුඹුරු කෙටීමට සිදුවන බව දු‍ටු මහින්දගේ පියා ඩී.එස් සේනානායක හමුවීමට ගියේය. හම්බන්තොට ආසනය දෙකඩ කඩා එකක් කොන්දගල වලව්වටත් අනෙක මැදමුලන වලව්වටත් බෙදා ගැනීම ඔහුගේ සැලසුම විය. රාජපක්ෂලාගේ ගැටයට අසුවූ ඩී.එස් හම්බන්තොට සහ බෙලිඅත්ත ලෙසින්  ආසන දෙකකට වෙන් කලේය.


50 අගභාගයේදී කොන්දගල වලව්වේ දෙවෙනි පුතා වූ ජෝර්ජ් රාජපක්ෂද කලවයසට එලඹියේය. ජෝර්ජ් රාජපක්ෂ ගමට පැමිනියේ අධිනිතීඥ පට්ටමක්ද ‍රැගෙනය. හෙමින් සීරුවේ ඊලග මැතිවරනයට ඔහුත්  කුරුමානම් ඇල්ලුවේය. සිදුවීමට යන සන්තෑසිය ඉවෙන් මෙන් මහින්දගේ පියාට දැනුනේය. ඒ වනවිට අගමැති බණ්ඩාරනායක ඡන්ද ආසන ඛෙදන කොමිසමක් පත්කොට තිබුනේය. මහින්දගේ පියාගේ කංකෙදිරිය නිසා මුල්කිරිගල ලෙසින් තවත් ආසනයක් වෙන් කෙරිනි. ඒ අනුව 1960 මැතිවරණයේදී ජෝර්ජ් රාජපක්ෂ මුල්කිරිගල ලැබුනු අතර බෙලිඅත්තෙන් ජාමෙ බේරා ගැනීමට මහින්දගේ පියාට හැකි විය. දේශපාලනයේ රස වැ‍ටුනු මහින්දගේ පියා 1945 වසරේ සිට 1965 තෙක් කඩින් කඩ රාජ්‍ය මන්ත්‍රන සභාව නියෝජනය කලේය. 1965  පරාජයයෙන්  පසු ඔහු දෙශපාලන බිමෙන් ඉවතට විසි වෙයි. 1967 වසරේදී ඔහු මිය පරලොව යයි. ඒ අනුව 67 වසරේදී රාජපක්ෂ  පලමු පරපුරේ දේශපාලනය අවසන් විය


රාජපක්ෂ දෙවන පරපුරේ ආරම්භකයා වූ ලක්ෂ්මන් 1981 මිය පරලොව ගියේය. ජෝර්ජ් රාජපක්ෂ 1976 වසරේ මිය පරලොව ගියේය. ඒ අනුව කොන්දගල වලව්වේ දෙවන පුරුකද අවසන් විය. කොන්දගල පරපුරේ මුල්පුරුක් වියකී යන්නේ  මැදමුලන සමග ආරෝවකට පිටිය සකස් කරමිනි . ඒ අනුව කොන්දගලින් නිරූපමා රාජපක්ෂ කල එලි බසින අතර මැද මුලනින් මහින්ද බැසිල්  පැමිනියි.  මහින්ද මුලින්ම් මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත්වන්නේ 1970 ජන්දයෙනි. නමුත් 1977 මැතිවරණයෙන් ඔහු පරාජයට පත් වූයේය. 77 මැතිවරණයෙදී මුල්කිරිගලට තරග කල බැසිල්ද පාරාජය වූයේය. 77 මැතිවරණයෙන් පසු සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කරයි. ප්‍රජා අයිතිය අහිමිවූ සිරිමාවෝ පක්ෂයෙන් එලවා පක්ෂයේ බලය ඇලීමට කුමන්ත්‍රනයක් දියත් වෙයි. මහින්ද-බැසිල් හවුල මෙම කල්ලියේ ප්‍රධාන සාමාජිකයින් වූයේය . එනමුත් බලය ඇල්ලිමට කල කුමන්ත්‍රනය අසාර්ථක වී යන්නේ කුමන්ත්‍රන කරුවන්ගේ පටි රෝල් කරමිනි 


මහින්ද - බැසිල් ගෝනි සෙල්ලම් නිසා 1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ නිරූපමා රාජපක්ෂ . එම මැතිවරණයේදී නිරූපමාට සහ පක්ෂයට එරෙහිව බැසිල් එජාප වේදිකාවට ගොඩවිය. මහින්ද කලේ නිදහස් පක්ෂයේ සිටිමින්න්ම නිරූපමා පරාජය කිරීමට වැඩ කිරීමය. 1982  මැතිවරණයෙදී මහ දවල් ත්රිත්ව පුද්ගල මිනීමැරුම් චෝදනාවට ලක්ව මහින්ද සිරගත වෙයි. මිනීමැරුමේ  ඇසින් දු‍ටු සාක්ෂි පාවා තිබුනද  පැමිනිලි  පාර්ෂවයේ  නිතිඥයන්ගේ  අදක්ෂතාවය හේතුවෙන් මහින්ද නිදහස් වෙයි. තවද නිරූපමාට සාහසික අපහාසයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල වෙයි. මහින්ද නිදහස් වුවද බැසිල්ට එරෙහි චෝදනා ඔප්පු වන අතර ඔහු වසර 5 කට ප්රජා අයිතිය අහෝසි වීමේ දඬුවමට යටත් කරයි. මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන්නේ නිමල් සිරිපාල සිල්වා . මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වූවාට පසුව .

By Keerthi ratnayaka 

No comments:

Post a Comment