Wednesday 14 March 2018

ගින්දර සහ මැදමුලන -2 ගෝඨාභය රාජපක්ෂ





1949 වර්ශයේ ජූනි මස 20 දින ගෝටාබය මෙලොව එලිය දු‍ටුවෙය. ඔහු යුධ හමුදාවට එක් වූයේ  ඉන්ටෙක් 4 කැඩෙට් නිලධාරියෙකු ලෙසය . ඒ 1971 වසරේදීය. පුහුනු  පාඨමාලවේ පෙන්වන දක්ෂතා සහ ලකුනු   අනුව කැඩෙට් නිලධාරීන්  නිත්‍ය සේවා ඒකකයන් වෙත අනුයුක්ත  කිරීම හමුදාවේ  ස්වභාවයයි  . ඒ අනුව හොදම ලකුනු ලබාගන්තා කැඩෙට් නිලධාරීන් ආමට් කෝ( යුධ ටැංකි)  , ආටි ( කාලතුවක්කු) වැනි ඒකකවලට යොමු කිරීම සිදුවෙයි. ගෝටාබය ලබාගත් ලකුනු අනුව ඔහුට ලැබෙන්නේ  රජරට රයිපල් බලකායයි. 1983 කලු ජූලියෙන් පසුව රජරට රයිපල් බලකාය විසිරුවා හරින අතර එහි සේවය කල වුන් ගජබා රෙජිමේන්තුවේ පිහි‍ටුවනු ලබයි. ගෝටාබය ගජබා රෙජිමේන්තුවට මාරු වන්නේ ඒ අනුවය.



යුද්ධය තිව්ර වත්ම හමුදා සේවය හැරගිය බව ගෝටාබයට එල්ල වන චෝදනාවකි . ගෝටාබය සිය ඉවත්වීම පිලිබදව  මෑතකදී දිවයින පුවත්පත සමග අදහස් ප්‍රකාශ කර තිබුනි. ගෝටාබය කියන්නේ  යුධ හමුදාවේ දුෂ්කර කාලය ලුතිනල් සිට කර්නල් දක්වා  බවත් කර්නල්ගෙන් ඉහලට ඇත්තේ සැප විදින කාලය බවත්ය  . එහෙයින් දුෂ්කර කාලයේ තමා හමුදාවේ සේවය කල බවත් , සැප විදින කාලයේ  හමුදවෙන් ඉවත් වූ බවත් ගෝටාබය කියයි. ගෝටාබයගේ කථාවේ හරයක් නොමැත . කම්කරු වෘත්තිය පවා ගිය අලුත දුෂ්කරය කල්යත්ම  වරප්‍රසාද හිමිය . සිය පවුල් පසුබිම නිසා කැඩෙට් කාලයේ සිට කර්නල් දක්වාම ගෝටාබයට  විශේෂ වරප්‍රසාද ලැබුනි. ගෝටාබය සිය හමුදා සේවයෙන් වැඩි කොටස ගෙවා දැමුවේ ක්‍රියාන්විත රාජාකාරියේ නොව සාමාකාමි ප්‍රදේශ වලය. මෙහෙයුම් වලට එක්වූ කාලය 1% ටත් වඩා අඩුය.



1991 වසරේදී  මන්ඩතිව් මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම් අනදෙන්නා වූයේ ගෝටාබය රාජපක්ෂයි. ගෝටාබයගේ සැලසුම අනුව දවල් කාලයේ මෙහෙයුම ආරම්භ කල අතර  මුලු හමුදා බලඝනයම  එකවර ඉදිරියට ගියේය. හමුදාවේ මෙහෙයුම පිලිබද සතුරාට  ඉව වැ‍ටුනු අතර ගෝටාබයගේ සේනාවට ‍රැකසිට පහරදීමට ඔවුන් සංවිධානය  විය. එල්.ටී.ටී.ඊ සාමාජියන් විසින් මහ හරස් කොට  ඇම්බුෂ් එකක් එලා තිබුනි.නමුත්කොටි පනිවිඩ හුවමාරුවන්ට රහසේ සවන්දුන් හමුදාවට කොටි ඇම්බුෂ් එක පිලිබද හෙලි විය.කොටි සැලැස්ම හෙලිකරගත්තේ කයිට්ස් ප්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ මෙහෙයුම් මැදිරියකිනි  . එම කයිට්ස් හමුදා මුරපොල සරත් ෆොන්සේකාගේ බල ප්‍රදේශයේ පිහිටා තිබුනි. කොටි මෙහෙයුම පිලිබදව ෆොන්සේකා විසින්  යාපනය ඒකාබද්ධ අනදෙන නිලධාරියා වහා දැනුවත් කලේය.



කොටි ඇමිබුෂ් එක පිලිබදව වහ වහා ගෝටාබයගේ බලමුලුව ඇලර්ට් කලේය . ඔවුන්ගේ ඉදිරි ගමන නවතා ආරක්ෂාකාරී ලෙස ස්ථානගත වීමට (හාබරින්) උපදෙස් ලැබිනි. මේ අතර තුන්පැත්තකින් භට කන්ඩායම් මෙහෙයවූ සරත් ෆොන්සේකා මන්ඩතිව් අල්ලා ගත්තේය. එය සතුරා වික්ෂිප්ත කල ( සර්ප්‍රයිස් අටෑක් ) මෙහෙයුමක් විය. නමුත් ගෝටාබය සැරසුනේ මහදවල් විවෘත භූමියක් හරහා සිය කන්ඩායම  සමග ඉදිරියට යාමටය. දහවලක  නොව රාත්‍රීයකවත් විවෘත භූමියක් හරහා හමුදාව මෙහෙයවීම නොකල යුතු බව යුද  ශ්‍රාස්ත්‍රයේ හෝඩියේදී උගන්වන  පාඩමකි.  විවෘත භූමියක් හරහා ගමන් කරන  භට පිරිසකට ‍රැක සිට පහර දීම සතුරාට පහසු කටයුත්තකි . කෙසේ වුවද මන්ඩතිව් මුදවා ගත් ෆොන්සේකා පසුව ගෝටාගේ  භට පිරිසද බේරා ගත්තේය. 



ෆොන්සේකා නොමැති වන්නට ගෝටාබයගේ මෙහෙයුම  ව්‍යවසනයකින් කෙලවර වීමට නියමිතව තිබුනි. ගෝටාබයගේ මන්ඩතිව මෙහෙයුම  ඉහල නිලධාරීන් අතර  ලැව් ගින්නක් සේ පැතුරුනි . ඔහුට විවිධ අපහාස උපහාස එල්ලවිය , ‘ලොස් ගෝතා’ ලෙස නමක් පට බැදිනි. මෙම සිදුවීමෙන් මසක් ගතවෙත්ම  ගෝටාභය හමුදාවෙන් ඉවත්වීමේ ලිපිය බාරදුන්නේය. නමුත් හමුදා මූලස්ථානයෙන් බටර් සංග්‍රහයක් ලද ගෝටා කොතලාවල ආරක්ෂක පීඨයට සැප මාරුවක් ලද්දේය.  කොතලාවල ආරක්ෂක පීඨයේ වසරක සේවයන් පසු ගෝටාබය යලිත්  ක්‍රියාන්විත සේවයට කැදවා තිබුනි. ඊට ප්‍රතිචාර ලෙස ගෝටාබය කලේ  සෞඛ්‍ය හේතූන් දක්වා හමුදා  සේවයන් ඉවත් වීමය. හමුදාවෙන් ඉවත් වූ ගෝටාබය ඇමෙරිකාව වෙත සංක්‍රමනය විය.ඔහු ලොස්ඇන්ජලීස් ලොයාලා නීති පාසලේ පරිඝනක මෙහෙයුම්කරුවෙකු ලෙස වැඩ කලේය



 2005-2009 යුධ ක්‍රියාවිතය තුල  ගෝඨාබය සුවිශේෂ කාර්ය භාරයක් ඉ‍ටුකලේය. නවීන අවි ආයුධ වලින් හමුදාව සන්නද්ධ කීරීමේ ප්‍රමුඛතම කාර්ය  ගෝටාබය අතින් සිදු විය . හමුදාව බෝම්බ 100ක් ඉල්ලන විට 200ක් දුන්නේය. ඩොලර් 250 කට මිලදී ගත හැකි ම්.මී 130 කාලතුවකු උන්ඩයකට ඩොලර් 650ක්ලොස් නැතිව ගෙවා දැමුවේය . එකක් ඩොලර් මිලියන 45කට මිලදී ගත හැකිව තිබූ බී.එම්.ඩබ් වෙඩි නොවදින මෝටර් රථ ගෝඨා මිලදී ගත්තේ එකක් ඩොලර් මිලියන 88 බැගිනි. හමුදාව ඉල්ලා සිටින  ආයුධ පමනක් නොව ගෝටාබය හොදයි කියා සිතන ආයුද පවා  බලහත්කාරයෙන් හමුදාවේ ඇගේ ගැසුවේය. මේ හේතුව නිසා හමුදාවේ  තාක්ෂකින  උපදේශකයා වූ අමිත් මූනීන්ද්‍රදාස ආරක්ෂක අමාත්‍යංශය සමග නිතර ගැ‍ටුම් ඇති කර ගත්තේය . අමීත් මුනීන්ද්‍රදාස සැක කටයුතු ලෙස ඝාතනය වීය.



ගෝටාබය විසින් දුමින්ද සිල්වා ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ ඇමතිවරයා ලෙස පත් කිරීම අතිශය ගුජුප්සාජනක සිදු වීමක් විය. දුමින්ද සිල්වා පමනක් නොව කුඩු මුදලාලිලා රොත්තක් සමග ගෝඨාබය ගනුදෙනු කලේය, ඡායා රූප වලට පෙනී සිටියේය. සිරිසේන ඇතුලු නිදහස් පක්ෂයේ ප්‍රභලයන්ට නැගී සිටීම්ට වේදිකාවක්  තනා දුන්නේ  ගෝටාබයයි. ගෝටාබයගේ සුරතලා භාරත ඝාතනය කිරීම නිසා මහින්දට එරෙහි එලිපිට සටන ඇරබිනි . ගෙන්දගම් පොලොවේ දේශපාලනය පිලිබද අන්දො සංසාරයක් ගෝටාබය නොදත්තේය. නමුත් ඔහුට වගේ වගක් නොතිබිනි, හැසිරෙනුයේ බහුශ්‍රැතයෙකු ලෙසිනි.දේශපාලන ඔස්තාර් කෙනෙකු ලෙසය . නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් කලකිරීමට ගෝටාබයගේ හැසිරීම නොමද සහායක් ලබා දුන්නේය.



මිනිසුන් බ්ලැම් මේල් කිරීමද ගෝටාබය වෘත්තියක් ලෙස කලේය . සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ලසන්ත  ගෝටාබයගේ  දූෂණ  දිගින් දිගටම හෙලිදරව් කලේය.  මේ හේතුවෙන් ලසන්තගෙන් කෙසේ හෝ පලිගැනීමට ගෝටා සැලසුම් කලේය . ලසන්තට එරෙහිව ප්‍රයෝජනයට ගත හැකි තොරතුරු සෙවීම සී.අයි.ඩී යට පැවරී තිබිණි. මෙසේ ලසන්තගේ තොරතුරු හාරා අවුස්සමින් සිටි සී.අයි.ඩී යට ලීඩර් ආයතනය විසින් ගෙවිය යුතුව තිබුණු ණයක් පිළිබඳව තොරතුරක් ලැබුනි.  ලීඩර් ආයතනය කඩදාසි සැපයුම්කරුවාට රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් ණය වී තිබුනි. සී.අයි.ඩී ය විසින් මේ තොරතුර ගෝටාබයට වාර්තා කලේය. මෙම සිදුවීම පාදක කොට ලසන්ත අත්අඩංගුවට ගැනීමට ගෝටා කුරුමානම් ඇල්ලුවේය . 




ඒ අනුව සී.අයි.ඩීය කඩදාසි ව්‍යාපාරිකයා හමුවිය. කඩදාසි  ව්‍යාපාරිකයා ප්‍රකාෂ කලේ ලසන්තගේ ණය පිලිබදව ගැටලුවක් නොමැති බවය. නමුත් සී.අයි.ඩීය කෙසේ හෝ ලසන්තට එරෙහිව පැමිනිල්ලක් ලියා ගත්තේය.ඉන්පසුව අධිකරණයටද කරුණු දක්වා ලසන්තව අත් අඩංගුවට ගැනීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගත්තේය. මෙම කුමන්ත්‍රනය ලසන්තට ආරංචී වූ අතර ඔහු වහ වහා කඩදාසි ව්‍යාපාරිකයාගේ ණය මුදල පියවා දැම්මේය. කරුනු කාරනා නොදත් සී.අයී.ඩීය ලසන්ත අත් අඩංගුවට ගැනීමට රීඩර් ආයතනයට ගියේය. මුදල් ගෙවූ රිසිට් පත ලසන්ත විසින් ඉදිරි පත් කිරීමත් සමගම සැලසුම බකල් විය. සී.අයී.ඩීය පමනක් නොව ලසන්ත කුදලාගෙන එනතෙක් දත කට මැදගෙන සිටි ගෝටාබයද ඇඩ්‍රස් නැති විය.

ගෝටාබයගේ කලකිරියාව නිසා ජාතීන් අතර සංහිදියාව බිද වැටිනි . බොදුබල සේනාවට ආරක්ෂක අමාත්‍යංශය සතු වාහන ලබාදීම , ඥානසාර හිමිට එම්.එස්.ඩී ආරක්ෂාව ලබාදීම පමනක් නොව  බොබසේ ව්‍යපෘති වලටද ගෝටාබය සෘජු ලෙසම දායක වුනි. එපමනක් නොව ගෝටාභයගේ කේවට්ටයෙකු වූ වීරවන්සගේ රාවනා බලයටද රජයේ වාහන ඇතුලු සම්පත් අනුග්‍රහය ලැබිනි. මුස්ලිම් ජනතාව මහින්දගෙන් ඈත් වීමට හේතු වූයේ  ගෝටාබයගේ ක්‍රීයා කලාපයයි. තම ඉලක්ක වලට ලගා වීම සදහා   ඉන්සයිඩ් ජොබ් උපයෝගි කර ගැනීම ගොටාබය තුලින්  දැකිය හැකි විය . පිත්තල හන්දියේ බෝම්බය එවැන්නකි. එය තමා විසින්ම සැලසුම් කල ඉන් සයිඩ් ජොබ් එකක් බව ඔප්පු කිරීමට  සාක්ෂිද සාක්ෂිකරුවන්ද  ඇත. පිත්තල හන්දියේ බෝම්බය ගෝටාගේ  ඉන්සයිඩ් ජොබ් වලට එක් උදාහරණයක් පමනි.මාගල දිග ඇරිය හොත් ලියුම්කරු නවතින්නේද හිර ගෙදරය 



ගෝටාබයගේ නාගරික සංවර්ධනයද කළු සුදු මිශ්‍ර චිත්‍රයකි. කොලඹ නගරයේ මල ප්‍රවාහන පද්දතිය ඉදිකලේ බ්‍රිතාන්‍යයන් විසිනි. වසර 100කටත් වඩා පැරණි නාගරික මල ප්‍රවාහන යාන්ත්‍රනය ඇත්තේ අකර්මන්‍ය තත්වයකය. බෝහෝ ස්ථාන වල්දී  මල ප්‍රවාහනය  ජලාශ වලට හරවා  ඇත. සුලු වැස්සකට පවා නගරය ජලයෙන් යට වේ. නගර අලංකරනයට වඩා  මූලික අවශ්‍යතා සම්පූර්න කිරීම වැදගත් වුවද ප්‍රමුඛ අවශ්‍යතාව වටහා ගත් බවක් ගොටාබයගෙන් දිස් නොවිනි . කෝටි ගනනක් වියදම් කොට  නගරයේ සී.සී.ටී.වී පද්දතියක් සවිකලේය. සී.සී.ටී.වී නිරීක්ෂණයට කියා පොලිස් ඒකකයක්ද පිහි‍ටුවේය.  කැමරා පද්දතියකින් සිදු විය  යුත්තේ  රථ වාහන නියාමනය කිරීමය. ටැ‍ෆික් රාලහාමිලාගේ කාර්ය සී.සී.ටී.වී කැමරා වෙත භාර දීමය. නමුත් ගෝඨාභය ආරම්භ කල කිසිවක් තාර්කික අවසානයක් දක්වා ‍රැගෙන යාමට අපොහොසත් විනි.



භූ දේශපාලනය පිලිබද ගෝටබයගේ දැනුම ඉතා සීමිත විය. ඉන්දියාව ටකල් කරනවා වෙනුවවට ඔහු සිටින්නේ ගේම ඉල්ලන ප්‍රතිපත්තියකය. මෑතකදී චීන තානාපති සමග ගත් ඡායා රූපයක් මහත් උජාරුවෙන් මුහුනු පොතේ පල කලේය. China Institutes of contemporary International Relations ආයතන  න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාර්ය වී ඇත්තේ 2020 ගෝටාබය ජනපති පු‍ටුවේ හිදුවීමය. CICIR සංවිධානය  ඇමෙරිකාවේ CIA මෙන් විදේශ කටයුතු මෙහෙහෙය වීමට දායක වන  බලසම්පන්නම ආයතනය වෙයි. CICIR සංවිධානය  චීන පාලක රෙජීමය වන කොමියුනිස්ට් පක්ෂයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය. වත්මන් චීන තානාපතිවරයා විදේශ සේවය හා සම්බන්ධ අයෙක් නොව CICIR. බුද්ධි මන්ඩලයේ සාමාජිකයෙකි. 


කන්න ඕනෑ වුනු විට කබරයා තලගොයා කරගැනීම ගෝටාබයගේ ස්වභාවයයි. හොර පාස්පොර්ට් එකක් හදා කරුනා එංගලන්තය්ට යැව්වෙය. කේ.පී කුදලාගෙන් විත් ඔහු සමග සමග බිස්නස් කලේය. වරෙක ක්ලෙමො බෝම්බයක් අටවා සිරස කුඩු කලේය. සිරස අද ක්ලෙමෝ ඇටවූ ගෝටාබයට මල් තියයි බැසිල්ට ගල් ගහයි. ඩීල් වල ආනිසංස එසේය. සිරිසේන ගෝටා ගනුදෙනුවද මීට නොදෙවෙනිය. ජාතිකවාදියෙකු වූ  ගඩාපි රට සංවර්ධනය කලේය . එනමුත් අද ලිබියාව ලේ විලක් බවට පත්වූයේද ග්‍රවුන්ඩ් රියලිටිය වටහා නොගත් ගඩාපිගේ ජාතිකවාදය නිසාමය . ලංකාවේ ප්‍රථම අගමැති විමට නියම සුදුස්සා වූයේ ඩී.බී ජයතිලකය. නමුත් ප්‍රථම අගැමැති ධූරය ලැබුනේ ඩී.එස් ටය. ඔහුගේ තක්කඩි  ව්‍යාපෘති නිසා පාලනය ආරම්භවී  වසර 2ක් ගත වීම්ටත් මත්තෙන්  රට පක්ෂ පාට ජාතී ආගම් ලෙස කැඩී බිදී ගියේය . 2020 අතිශය තීරණාත්මකය,  කථා කල යුත්තේ හදවතට නොව බුද්ධියටය 



No comments:

Post a Comment