Monday 19 February 2018

ගම්සභා මැතිවරණය කෙලිය


පලාත් පාලන මැතිවරනයට පෙර මහින්ද පිලේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ පොහොට්‍ටුව ජය ගත හොත් පාර්ලීමේන්තුවේ ඔලු ගෙඩි මාරුවකින් බලය අල්ලන බවය. අගමැති ධූරයේ මහින්ද පිහි‍ටුවන බවය. මැතිවරනයට පෙර  මහින්ද කන්ඩායම මෙම මතය වේදිකාවේ යලි යලිත් කියා සිටියද ජනතාව තුලට එතරම් කිදා බැස්සේ නැත. ජනයා පොහොට්‍ටුවට චන්දය දුන්නේ ප්‍රධාන හේතුදෙකක් නිසාවෙනි. යුද්ධය නිමා කීරීමට මහින්දට කෘතු ගුන දක්වනු වස් සහ යහපාලන ආන්ඩුව කල කෙං ගෙඩියක් නොමැති නිසාය. මැතිවරනයෙන් මහින්ද කන්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජයග්‍රහනයක් ගෙන ආවේය

පොහොට්ටු ජයග්රහනයෙන් පසු සිදුවූයේ කුමක්ද?

තමාට අගමැති වීමේ කිසිදු තදියමක් නොමැති බව මහින්දගේ හැසිරීමෙන් මනාව පැහැදිලිය.
තදියම ඇත්තේ මහින්දගේ හෙන්චයියන්ටය.
ආන්ඩුව අද හදනවා හෙට හදනවා කියා කතා පවත්වන්නේ මොවුන්ය.
මහින්දගේ මුනිවත නිසා අගමැති ධූරයේ තවකෙකු පිහිටුවීමේ නාටකයක් ඊලගට පැමිනියේය
මෙකී නොකී නාටක බලා අලුත් අගමැතියෙකු දැකීමේ තදියමක් දැන් ජනතාව තුල පහල වී ඇත. 
තවත් වටයකින් බැලුව හොත් අගමැති ධූරය අහිමි වීමේ කිසිදු සැක සංකාවක් රනිල් තුල නොමැත.  

අද පවතින තත්වය තේරුම් ගැනීම තරමක් සංකීරණය. සරලව කිවහොත් තත්වය ස්න්ෆ්ලවර්ස්ලාගේ එලාර දු‍ටුගැමුනු නාටකය මෙනි . වෙදිකාවේ හරි හරියට දෙන්නා යුද්ධ කරන විට පැට්‍රොල් ලාම්පුවටද කඩු පහරක් වැදුනේය. දැන් වේදිකාව අදුරේය. නරඹන්නන් තම තමන්ගේ ෆැන්ටසි වල ගීලී ඇත. දැන් යුද්ධය ඇත්තේ වෙදිකාවේ නොව ගැලරිය තුලය , රජාලා අතර නොව රාජාලාට කත් අදින උන් අතරය . මහින්ද - සිරිසේන  කරන්නේ සමගියෙන් මාරුවෙන් මාරුව ලාම්පුවට හුලන් ගැසීමය.

අද ගැලරියේ උඩ පනින චරිත බොහොමයකි . ගෝඨාභය ,ෆොන්සේකා , නිමල් සිරිපාල  , කිලී මහරාජා වැනි උන් උඩින්ම සිටියි . දේශපාලනය පිලිබද හසරක් නොදන්නා ගෝඨාභය 2020 ජනාධිපතිවරනයට සූට් මසා ඇත.  ගම්සභා මැතිවරනයෙන් ෆෝම් වුනු ගෝඨාභය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද තර්ජනය කරයි. සිහි ඇති උන්ට ගෝඨාභයගේ  විඥානයේ තරම මැන ගත හැක. අනාචාරයේ යෙදී හසු වුවද තමන් සුද්දයි කියන , තමන් සුද්දයි සිතන අඹුවන් ඕනෑ තරම් සිටී . සිරිසේනගේ කලකිරියාවද එවැනිය. සිරිසේන කුලප්පුවී නටන නාඩගම හරසුන්ය. කල්ලතොනි කිලියා බලන්නේ කොහෙන් හෝ තවත් කුට්ටියක් ඩැහැ ගැනීමටය. චම්පික සැරසෙන්නේ සිල් රෙද්දෙන් බෙල්ල කැපීමටය 

මහින්ද්ගේ කල්පනා කරනුයේ 2020 ජනාධිපතිවරන සිතියම පිලිබදවය. ඔහුට ප්‍රධානම අභියෝගය එල්ලවන්නේ සිය පවුල තුලින්මය. ග්‍රවුන්ඩ් රියලිටිය පිලිබද හසරක් නොදත් ගෝඨාබය අමුවෙන්  කටමැත දොඩවයි. ඊට වඩා තර්ජනයක් එල්ල වන්නේ බැසිල්ගෙනි. ඔහු කථා කරන්නේ මහින්දගේ ගෞරවාන්විත විශ්‍රාම ගැන්වීම පිලිබදවය. තමාගේ ඒකායන බලාපොරොත්තුව වූ පුතීලා ත්‍රිත්වය ජනතාවට අරහං වී ඇත . රාජපක්ෂලා ඉන්නතාක් දෙමල- මුස්ලිම් ඡන්දටික බඩේ බත් ටික වගේ රනිල්ට ශුවර්ය. වොක්ස්වගන් කථාවක් කියා දකුනෙන්ද ඡන්ද ටිකක් කඩා ගත හැක. ඒ අනුව 2020 දී රනිල්ටද කරට කර තරගයක් දිය හැක.

මහින්දගේ පිබිදීම එන්.ජි.ඕ කපුටන්ටද පුදුම ආනන්දයකි. යලිත් වරක් තානාපති අගුපිල් වල ලැගිය හැක . මොකක් හෝ පාඨයක් තනා ජනතාව මුලා කල හැක . ජනතාවද මැතිවරනයක්දී අපේක්ෂාකරන්නේ තම බඩ වියතට අනුග්‍රහයක් පමනි 70 වසරක් පුරා අපේ රට එකතැන කුරුවල් වූයේ එහෙයිනි . දැන හෝ නොදැන ඔබත් මමත් මේ විපරිනාම සංස්කෘතියේ සාමාජිකයන් විය හැක .හේතුඵල වාදය විශ්වාස කරන රටක ජනතාව විමසා බැලිය යුත්තේ ඵලය පිලිබද නොව ඵලය සකසන හේතු පිලිබදවය. කැටයම් දමා පිලියෙල කරන මැතිවරන පොරොන්දු පිලිබද නොව ඒවාට ලගා විය හැකි ඇක්ෂන් ප්ලෑන් පිලිබදවය . මහින්දලාගෙන් - රනිල්ලාගෙන් අප ඉල්ලා සිටිය යුත්තේ මෙයයයි


No comments:

Post a Comment