Tuesday 6 February 2018

අධ්‍යාපනයේ ඛේදවාචකය



1939 පෙර ඉංග්රීසි මාධ්යයෙන් ද්විතීයික අධ්යාපනය දෙන ලද්දේ කොළඹ රාජකීය විද්යාලය සහ නගරබද ක්රිස්තියානි මිෂනාරි පාසල් වල  පමනි. රජයේ රැකියා දොරටු විවෘත වූයේ මෙම පාසැල් වලින් පිටව යන උන්ටය. ගම්බද දරුවන්ට ස්වභාෂා මාධ්යයෙන් අධ්යාපනයක් ලැබුණු අතර ඔවුන්ට ලැබූනේ කුඩම්මාගේ සැලකිලිය. මෙම තත්වය තරමක් වෙනස් කරමින් ග්රාමීය ප්රදේශ වල හොද  අධ්යාපනයක් ලබාදෙන මධ්ය විද්යාල පිහිටු වූයේ එවක අධ්යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරය. 1939 ඔහු ගෙන අධ්යාපන ප්රඥප්තියේ  යෝජනා ප්රකාරව එය සිදු විනි.

ඉන් නොනැවතුනු කන්නන්ගර 1945 අංක 21 දරන නිදහස් අධ්යාපන පනත ගෙන ආවේය. වාද විවාද මැද සම්මතවූ පනත අනුව ජාති, ආගම්, කුල, වත් පොහොසත්කම් නොතකා සෑම දරුවකුට බාලාංශයේ සිට විශ්වවිද්යාලය තෙක් නොමිලයේ අධ්යාපනය ලබා ගත හැකි විය. ඉන් වසර දෙකක් ගතවෙත්ම දෛවෝපගත සිදුවීමකි. නිදහස් අධ්යාපන පනතේ තීන්ත වියලී යාමටත් මත්තෙන් පැවති 1947  මහ මැතිවරණයේදී අරක්කු සහ රේන්ද ව්යාපාර වලින්  ධන කුවේරයෙකු වූ විල්මට් පෙරේරා අතින් කන්නන්ගර පරාජය විය අනුව කන්නන්ගරගේ දේශපාලන ගමන අවසන් විය. එපමනක් නොව 1962 වසර වනවිට අසරණ වූ කන්නන්ගර පාර්ලිමේන්තු මහලේඛම් වෙත ලිපියක් ලියා පිං පඩියක් ඉල්ලා තිබුනි.

ගෙන්දගම් පොලෙවේ නොමිලේ අධ්යාපනය කියා දෙයක් නැත. අධ්යාපනය නඩත්තුවන්නේ මහ ජනතාවගේ බදු මුදල් වලිනිසෑම පුරවැසියෙකුම නොමිලේ යැයි කියන සංකල්පයෙන් මිදිය යුතුයඅධ්යාපනය සම්බන්දව රටක බල පැවැත්විය යුත්තේ නොමිලේ අධ්යාපනයක් නොව නිදහස් අධ්යාපනයකි. එනම් කිසියම් පුද්ගලයෙකුට ජාති ආගම්, කුල මල, මිල මුදල් ආදියේ බලපෑමකින් තොරව තොරව අධ්යාපනයේ නිරත වීමට ඇති අයිතියයි. තම අභිමතාර්ථය අනුව අධ්යාපනයේ නිරත වීමට ඇති නිදහස යි. සයිටම් අර්බුදයේදී ඇදුරන් ගෙන තර්කයක් වූයේ රජයේ විශ්වවිද්යාල වලින් රටේ වෛද්යවරුන්ගේ අවශ්යතාව මුලුමනින්ම සපුරාලිය හැකි නිසා පෞද්ගලික විශ්වවිද්යාල අවශ්ය නොවන බවය. එනම් විශ්වවිද්යාල ඇතිකල යුත්තේ නිදහස් අධ්යාපනය සහතික කිරීමට නොව එක් පන්තියක වරප්රසාද ආරක්ෂා කිරීමටය


විශ්ව යාත්රාවේ දිශා දර්ශකය  අධ්යාපනයයි.එය අනාගත සුරක්ෂිත බවෙහි  ප්රධානම සාධකයයි. නිවහල් සශ්රීක දේශයක කොදු නාරටිය නිදහස් අධ්යාපනය මිස නොමිලේ අධ්යාපනය නොවේ. රටේ දියුණුව හා ඉදිරි ගමන  රඳාපවතින්නේ මෙම ක්රියාවලියෙන් බිහිකරන ප්රතිඵල මතය. මෙකී සමස්ත අධ්යාපනයේ  වගකීම රඳා පවතිනුයේ  දේශපාලකයන් මතද නො එසේනම් උසස් අධ්යාපනයේ නියලෙන  ඇදුරු ප්රජාව මතදඅනාගතයට ඵලදායී ජාත්යන්තර හා උරෙන් උර ගැටිය හැකි  අධ්යාපන ක්රමයක් ස්ථාපිත කිරීමේ  සම්පූර්ණ වගකීම ඇත්තේ දේශපාලකයින්ට නොව ඇදුරන්ටය. පෙර පාසැලේ සිට උසස් අධ්‍යාපනය  දක්වා වූ ව්‍යායාමයේ අස්වැන්න රදා පවතිනුයේ ඔවුන් අතය.


අධ්යාපනයය තාක්ෂණ  දියුණුවට අනුරූපව වෙනස් වියයුතු සංවේදී විෂය පථයකි.  ගල් ලෑල්ල වෙනුවට ලෝකයම ඇඟිලි තුඩු මත හොවන ඩිජිටල් පරිපථ පැමිණ ඇත. කලු ලෑල්ල වෙනුවට, ලොව පුරා ගුරු-සිසුන් යාකරන ඉන්ට්රැක්ටිව් වයිට් බෝඩ් පැමිණ  ඇත. පොත් පුස්තකාල වෙනුවට   පුස්තකාල පැමින ඇත.  අද අපේ රටේ විශ්වවිද්යල වල උපකුලපති ඇතුලු පාලක මන්ඩලය පත්කරන්නේ රටේ දේශපාලන නායකයාය, තමන්ට කඩේ ගිය අනුපිලිවෙලට කෘතු ගුන දැක්වීමට මිස රටේ ප්රගමනයට නොවේ. අධ්යාපනයේ  සාධනීය වෙනසක් ඇදුරන් අතින් ඉටු නොවෙයි . මෙහි ප්රතිඵලය නම් ලංකාවේ අධ්යාපන ආයතන සිසුන් කුරුවල් කරන තිප්පොල බවට පත්වීමය


අද ලොව අති සාර්ථකම ආයෝජනය බවට අධ්යාපනය පත්ව ඇත. වර්තමානයේ  ඉහළම ඉල්ලුමක් පවතින  සේවාව වන්නේද අධ්යාපනයයිනමුත් අපගේ අධ්යාපන ක්රමය දිනෙන් දින පරිහානිය කරා ගමන් කරයි. අවාසනාවට අපේ ආචාර්යවරු දකිනුයේ  තම බඩ වියත පමනි. සමහරෙක් විදේශ ඔත්තු සේවාවල කුලී කරුවන්ය, සමහරෙක් දේශපාලන අතකොලු බවට පත් වී ඇතමෙකී විෂ මුසුවූ  ජාතික අධ්යාපන ක්රමය පිළිකාවක් බවට පත්ව ඇත. මෙහි  සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ සරසවි අධ්යන ඇදුරු ප්රජාවය. අපගේ ජාතික  අධ්යාපන ක්රමය පවතිනුයේ  අතිශයින් භයානක සහ  ඉතාමත් කනගාටුදායක තත්ත්වයකය.

වරක් ලෙනින් පවසා සිටියේ ගුරුවරයා සිසුන් තැනිය යුත්තේ තමා පිටුපසින් පැමිණෙන්නට නොව තමා පසුකර යන්නට හැකි වන අයුරින් බව යි. එහෙත් සිදුවන්නේකුමක් අප ඇදුරන් සිසුන් ඔසවා තබන දිසාපාමොක්ලා නොව  ඔවුන්ට වල කපන දෙබිඩිකාට්ටුවන්ය. සිසුවකු විසින් කිසියම් විෂය පථයක නව දැනුම සොයා යාම ඔවුන් දකිනුයේ තම පැවැත්මට තර්ජනයක් ලෙසිනි. මෙහි ඇදුරන් බොහොමයක් එතනට පැමිනියේ ගිරවා ගැසීමෙන් හෝ මයිනා ගැසීමෙනි. (ගිරවා-කට පාඩම් කිරීම , මයිනා- කුඩා කොල වල අනුමාන  සටහන් ලියා සගවා ගැනීම) නව ප්රවනතා, දැනුම හා මුසුවූ සිසුන් ඔවුන්ට වහ කදුරුය.

ලංකාවේ පවතින්නේ සියවසකටත් එහා සුද්දන් හදුන්වාදුන් අධ්යාපන ක්රමයකි.සුද්දන් හදුන්වා දුන් අධ්යාපන ක්රමයේ  මූලික අරමුන වූයේ තමන්ට හීලෑ සුළු සේවක පැලැන්තිය ගොඩනගා ගැනීමය. එම ක්රමයේ මූලික ලක්ෂනයක් වූයේ  චින්තනය ශූක්ෂමව  රාමුවකට කොටුකර තැබීමය.  පෞර්ෂය වර්ධනයක් ඇත්තේම නැති මුත් වහල් චින්තයේ ප්රවර්ධනයකි. කලු සුද්දන් මෙම තත්වය තිවර කර ඇත්තේය .කඩ ඉම් විභාග සියල්ලේ ප්රශ්න පත්ර  සකසන්නේ ඇදුරන්ය. නිබන්ධන පිරික්සන්නේ ඇදුරන්ය  ප්රශ්න පත්ර බලන්නේ ඇදුරන්ය. විභාගය ඉහලින් පාස් වීමට නම් ඇදුරා සමග හාන්සි විය යුතුය. හාන්සි නොවන උන් එක්කො විභාගය ෆේල්යනැතහොත් යාන්තම් පාස්ය.

යම් සිසුවකු ඇදුරාට ගොටු අල්ලන්නේ නම් සහකාර කථිකාචාර්යකම ගැනීමට සුදුසු කමකි. දිගින් දිගටම  ඇදුරා සමග පෑහීම ස්ථිර කථිකාචාර්යවරයකු ඉන් පසු  ‘‘ඩොක්ටර් පට්ටමගත හැකි පහසුම මාර්ගයය. ඇදුරු ශරීරයක පැවැත්මේ රහස කඩේ යාම, ගොටු ඇල්ලිම මිස  ඇකඩමික් කෞෂ්යල්ය  නොවේ. කොපි කරන්නේ නැතිව  රිසර්ච් රිපෝර්ට් එකක් ලියාගන්ඩ බැරි අපෙ ඇදුරො ලබැදියන්  සමබර  කරන්ඩ, දේශපාලන කථා ලියන්ඩ  සූරයො . සමහර ඇදුරො ටියුෂන් කඩ හිමියන්ය.සමහරක් මෙලෝ රහක් නැති පොත් ලියන උන්ය. ප්රශ්න පත්ර වලට  ඇතුල් කරන්නේද තමන් ලියු පොතක කුණු ගොඩකි. තවකෙක් ප්රශ්න පත්රයද  හීන් සීරුවේ පිට කරන  උන්ය.


මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්යාල  2000 අතර නොමැත. ලංකාවේ හොඳම විශ්ව විද්යාල  ලෙස සැලකෙන කොලඹ සහමොරටුව විශ්ව විද්යාලද  අන්තර් ජාතික මට්ටම අනුව 2125 දක්වා තත්ත්වය පහළ ගොස්යඅප්රිකාවේ අසාර්ථක රාජ්යයන් වන  උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්යාලද  ලංකාවේ හොඳම විශ්ව විද්යාල  ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්යාල  වලට වඩා ඉදිරියෙන් සිටිති. මේ පරිහානියට ප්රධානතම හේතුව ලංකාවේ ඇදුරන් ඇට්ටකුනා වීමය.  ජාතියේ පෙරගමන්කරුවන් වීමට නොහැකි වීමයලොව ඉහළ පෙළේ සරසවි සමඟ බැදුනු නෙට්වර්ක් එකක් හරහා අධ්යාපන ක්රමය ජාත්යන්තර තලයට  ගෙන යා හැකි ඇදුරන් අප සතුව නොමැත.


මෙරට සරසවි ඇදුරන්ගෙන් කී දෙනකු නව සොයා ගැනීමක් ,සංකල්පයක් ඉදිරිපත් කර ඇත්ද ? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තු වන ප්රධානම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේද එයමය. ජගත් ප්රජාව පිලිගන්නා මට්ටමේ කිසිදු පරියේෂණ පත්රිකාවක් හෝ පොතක් එළි දක්වා නොමැත. ඇදුරෙක් යයි ලෝකයට පෙන්වීමට එකෙකු සොයා ගත නොහැක. සියවසේ අභියෝග ජගතහැකි සිසු පරපුරක් බිහි කොට නැත.  මෙහි සිටින ඇදුරු හප ජාත්යන්තර ආචාර්යවරු සමග සැසඳීම විහිලුවකි. අන්තර්ජාතික දර්ශක වල ඔවුන්  සිටින්නේ ඉහළ  හෝ පහළ නොව එවැන්නක දැකීමටද නොහැක.

රාජ්ය සේවයේ ආදායම නූපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් සහ සුපිරිතම පහසුකම්  ලබන්නේ සරසවි ඇදුරන්ය. මෙකී සුපිරි වැටුප් යනු අන් කවරක් නොව කිරි පැකැට්ටුවේ සිට මිනී පෙට්ටිය දක්වා ජනයා ගෙවන බදු මුදල්ය. ඇදුරන්ගේ ඉගෙනීමට ඔවුන්ගේ පවුලේ උදවිය වියදම්  කර ඇත්තේ  සොච්චමකි . ඔවුන් එතැනට පැමිනියේ නිදහස් අධ්යාපනයේ  පිහිටිනි. අප දහඩියෙන්, කඳුලෙන් ඉපයූ දෙයින්  ගෙවා දැමූ බදු මුදල්ය. දේශයේ රැකවලුන්  වියයුතු ඇදුරන් විනාශයේ දොරටුව පුළුල්  කරමින් සිටියි . අධ්යාපන ක්රමයේ සාදනීය වෙනසක්  කතිකාවක් පෙනෙන මානයක නැත.  වැටත් නියරත් ගොයම් කන කල බඩගින්නේ හූල්ලන  දුවා දරුවන්ට කාගේ පිහිටද



No comments:

Post a Comment