Saturday 1 May 2021

කැමරා ඉදිරියේ කයිවාරු ගහන ශවේන්ද්‍රගේ හෙළුව මෙන්න -

 

මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් COVID 19 Positive රෝගීන් නිවෙස් වල සිට තාවකාලික රැඳවුම් මධ්යස්‌ථානවලට රැගෙන ආ ආකාරයවේ.

ඉතින් මම මොකද ඒක පෝස්ට් එකක් කරගෙන..?

දෙහිඅත්තකණ්ඩිය ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් COVID 19 Positive රෝගීන් ප්රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙසේ පෝස්ට් එකක් පළ කිරීමට සිදුවිය.

අවම වශයෙන් එම බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත.

සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ. එනිසා රාත්රිය පුරා නොයෙක් පැති වල නිවාස වල සිටින රෝගීන් 60 ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්යස්ථානය වෙත ප්රවාහනය කිරීමට සිදුවිය.ගමන් වාර ගනනාවක් මෙලස ප්රවාහනය කිරීමට සිදු විය.

ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කල හැකිව තිබිණි.
මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කල යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය.

🔴ඉතාම භයානක ලෙස අනුමාන කරන මෙම COVID රැල්ල ආරම්භයේම රාජ්ය ආයතන සෞඛ්ය අංශ වෙත දක්වන සහයෝගය මෙසේ නම් ඔබගේ අපගෙ අනාගතය කෙතරමි අවධානම් ද..?

🔴මෙවන් තත්ත්වයක් ඇතිවී තිබීම කොතරම් ශෝචනීයද.?

🔴සෙසු බොහෝ ප්රදේශ වල මීට සමාන දේ බොහෝ සිදුවේ.

⚫ මෙයට නිශ්චිත වැඩ පිළිවෙළක් සකස් කළ යුතුමය.
Eg. සෞඛ්ය බලධාරීන්ට අවශ්ය සේවය, සෙසු රාජ්ය ආයතන වලින් ලබාගැනීම හැකිවන පරිදි චක්ර ලේඛණ සකස් කිරීම.

⚫වසංගත තත්වය තුළ බිම් මට්ටමේ සිට තීන්දු තීරණ ගන්නා සෞඛ්ය වෛද්ය නිලධාරීන්(MOH) ට ප්රදේශයේ රාජ්ය ආයතනවල සේවය දිවා රාත්රී භේදයකින් තොරව ලබා ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය.

🔴🔴 මේවා ඉතා සුළු දේවල් ලෙස ඔබට හැඟී යනවා වෙන්න පුළුවන්. නමුත් මෙම අන්තර් සහයෝගය නොමැතිව ඉදරියට යන්නේ නම් මෙරටත් විසාලාවක් වීම වළක්වා ගත නොහැක.

🙏 තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ ඇස් ගැටීමට හුවමාරු කරන්න.
ස්තූතියි.
වෛද්‍ය උදාර ප්‍රසංග

Udara Prasanga

Mahamodara Teaching Hospital



2 comments:

  1. It is a shame to use someone else's post with your twisted headline. is this your journalism?

    ReplyDelete
  2. Maha parinirvana suthraya kiyavanwada

    ReplyDelete